Katha Ahura

? ගිනි කිරිල්ලී | පනස් හත්වෙනි කොටස | නවකතා

5/5 - (1 vote)

පනස් හත්වෙනි පියාපත

——————————————————————————————————————————–

තොල් රතු යක්ෂනී මගේ උරහිසකින් ඇඳලා මාව එයාගේ පැත්තට හරවා ගත්තා..

“තමුසෙට හිතෙයි අර වයසක ගෑණි වැනුවට එදා උඹ මැරුනා නම් කියලා…”

“ශික්.. මට එවෙලෙට තමුසෙගේ මූණ බලන්න විදියක් නෑනේ….”

මට හිතුනෙම පැන්න ගමන් මේකිගේ බෙල්ල ගලවලා අතට දෙන්න.. ඒත් මාව ගැට ගහලා..

“මං යනවා මේකිව හොඳට බලා ගන්න.. හරියටම උදේ දහයට මේකිව පුටුවක බැඳලා ටීවී එක ඔන් කරන්න.. ”

වචනෙන් දෙකෙන් දුශ්ඨවතීටත් ඕඩස් දීලා තොල් රතු යක්ෂනී කලබලයෙන් වගේ යන්න ගියා…

එදා දවසෙම මං හිටියේ හෙට මොනවා වෙයිද කියලා හිත හිත…

ඇත්තම කිව්වොත් ඒ හැඟීම හරියට හොඳින් තියුණු පිහියක් උඩින් හදවත තියලා කැපෙනවාද කියලා බලන් ඉන්න වගේ වැඩක්…?

ශේශ්ට කරදරයක්ද…? මුං ශේශ්ටත් මොනවා හරි කරලද…???

මගේ හිත පුරාම තිබ්බේ බය.. සැරින් සැරේ හිතට මහ නපුරු දේවල් හිතෙනවා.. එවෙලෙට මට මාවම පාලනය කර ගන්න බැරුව ඇස් වලින් කඳුලු වැටෙනවා..

එදා රෑ මං ගෙව්වේ මගේ ජීවීතේ අමාරුම රැයක්..

තොල් රතු යක්ෂනී කිව්වේ මේක දැක්කම මට මැරෙන්න හිතෙයි කියලා.. මගේ ශේශ්ට කරදරයක් නොවී ඕන දෙයක් .

හැබැයි මගේ හිත වද වෙනවා තව කාරණයක් ගැන..

ඒ ගැන හිතන එක සිතුවිල්ලත් මට දැනුණේ මහ ගොඩක් දරුණුවට..

ශේශ් තොල් රතු යක්ෂනීව කසාද බඳිනවද…??? නෑ.. එහෙම වෙන්නේ නෑ..

එහෙම වෙන්නේ නෑමයි.. ශේශ්ගේ හැමදේම මේ ගිනී.. මගේ හුස්ම පොද පවා ශේශ්…

කවදාවත් එයා එහෙම කරන්නේ නෑ.. ශේශ් මං ගොඩක් ආදරෙයි රත්තරන්…

“මෙහේ එනවා…”

හරියටම නවයයි පනහට දුශ්ඨවතී මාව අරන් ගිහින් පුටුවට තියලා තදට ගැට ගැහුවා..

ගිනී.. හිත හයිය කර ගනින්.. මොන දේ වුණත් දරා ගනින්…

අම්මේ… මං ගාවින්ම ඉන්න…

මං හිතින් දහස් වාරයක්ම ශේශ්ට නපුරක් නම් වෙන්න එපා කියලා ප්‍රාර්ථනා කරා..

තවත් විනාඩියකින් දුශ්ඨවතී ටීවී එක දැම්මා..

මුලින් පෙන්නුවේ ලස්සන ශාලාවක්… මල් වලින් සරසපු.. හරියට වෙඩින් එකකට වගේ..

දැංම මගේ පපුව හිර වෙන්න වගේ…

ලොකූ වෙඩින් කේක් එකක්, එක එක ජාතියේ වෙඩින් සැරසිලි..

නෑ මේවා නෙවෙයි… මේවා නෙවෙයි මට බලන්න ඕනි..

තවත් මොහොතකින් පෙන්නුවේ පෝරුව.. මල් වලින් සරසපු හුඟක් ලස්සනට පේන පෝරුවක්.. හරියටම මමත් ආස කරපු ජාතියේ..

ඒත්…

ටිකකින් ශාලාවේ පැත්තකින් බෙර ගගහා නැටුම් කන්ඩායමක් ආවා..

මට හුස්ම ගන්නත් අමතක වෙලා වගේ…

නැටුම් කණ්ඩායමට පිටි පස්සෙන්…

අනේ දෙයියනේ…!!

මගේ ශේශ්…!!!!

මගේ මුළු හදවතම කඩා වැටෙන්න ඇති…

ශේශ් නිළමේ ඇඳුමක් ඇඳලා හරිම තේජස් විදියට පස්සෙන් එනවා..

එපා ශේශ්… එපා…

හයියෙන් කෑ ගහලා කියන්න ඕන වුණත් මට වචනයක්වත් කියා ගන්න බෑ.. උගුරම වේලිලා..

ඇයි ශේශ් ඇයි…??

ඇස් වලින් නොනවත්වා කඳුලු ගලනවා… ඒත් මගේ හිතම ශේශ්ගේ කඩවසම් රූපය ඉස්සරහ නතර වෙලා..

තප්පරෙන් තප්පරේ ගෙවිලා ගිහින් ශාලාවේ අනිත් පැත්තේ කොණින් මතු වුණේ තොල් රතු යක්ෂනී..

දිලිසෙන ඔසරියකින්.. අහිංසක කෙල්ලෙක් වගේ..

මගේ ඇස් කඳුලින්ම බොඳ වෙලා වගේ..

මං මැරිච්ච මළ මිනියක් ගාණට ඔහේ බලන් හිටියා..

ඒත් මගේ හිත.. මට හිතුනෙම මේ දැං හදවත පැලිලා මං මැරිලා යාවි කියලා.. ඒ තරම් වේදනයි පපුවට..

මගේ ශේශුයි, එයාගේ මනමාළියි පෝරුව උඩ අශ්ඨක කියනවා..

මං දැවී දැවී බලන් ඉන්නවා..

දෙන්නගෙම සුළඟිලි එකට යා වුණා…

“නෑ… නෑ… මාව මරපන්.. මාව මරලා දාපන්….”

මං යටි ගිරියෙන් කෑගැහුවා…

“මාව මරලා දාපන්… මට මැරෙන්න ඕනි.. මාව මරලා දාපන්..”

මගේ විලාප මැද්දේ කසාදය සම්පූර්ණ වුණා…

ශේශ්… ගිනීගේ නෙවෙයි… තොල් රතු යක්ෂනීගේ…

ශේශ්ගේ මූණ මැලවිලා.. ඔයාට මේ දේ නොකර ඉන්නයි තිබ්බේ ශේශ්…

දෙන්නම පෝරුවෙන් බැස්සා.. මෙතනින් එහා මට බලන්න බෑ..

මං ආයෙම අනාථයෙක් වෙලා ශේශ්.. ඇයි ඔයත් මට මෙහෙම කරේ..????

මට හැමදෙනා ගැනම ඇති වුණේ දරා ගන්න බැරි තරම් කේන්තියක්.. වෛරයක්… පිළිකුළක්…!!!

මාව හදවතින් මැරිලා ඉවරයි…

මේ අවස්ථාව මගේ ජීවීතේ උදා කරපු එකෙක්ටවත් මං ඉන්න දෙන්නේ නෑ.. නෑ මයි.. එකෙක්වත් තියන්නේ නෑ..

නොහිතපු මොහොතක මං ගැට ගහලා තිබ්බ පුටුවත් උස්සන් නැඟිට්ටා..

දුෂ්ඨවතී මං ගාවට එද්දිම තාමත් සජීවී ශේශ්ගේ වෙඩින් එක පෙන්වන ටීවී එක පැත්තට පුටුව හරවගෙන
පුටුවෙන් ටීවී එකට ගැහුවා..

මහ සද්දෙකුත් එක්ක ටීවී එක තියලා තිබ්බ ස්ටෑන්ඩ් එකෙන් බිම වැටිලා කුඩු වුණා..

දුෂ්ඨවතී මං ගාවට එද්දී මං බිම වැටිච්ච ටීවී එක කකුලෙන් පැගුවා..

දුෂ්ඨවතී මාව කන්ට්‍රෝල් කර ගන්න උත්සහ කරනවා.. ඒත් මං පිස්සුවෙන් වගේ කෑ ගගහා දඟලනවා..

එළියේ හිටපු ගාඩ්ස්ලා දෙන්නෙකුත් අපේ සද්දෙට ඇතුළට ආවා..

ඒ තප්පරේ මං කැඩිලා වෙන්වෙච්ච කෑල්ලක් ඇඳ යටට පයින් තල්ලු කරා..

ගාඩ්ස්ලා ඇවිත් මාව දෙපැත්තෙන් අල්ලා ගත්තා…

දුෂ්ඨවතී මගේ කම්බුලකට හයියෙන් පාරක් ගැහුවා..

“තමුසේ දැඟලුවා හොඳටම වැඩි.. හිටපන්..”

දුශ්ඨවතී තවත් පාරවල් දෙකක්ම මගේ කම්බුල් උඩින් තිබ්බා..

“අදින් පස්සේ උඹේ ශේශ්ට උඹ උන්නද මළාද කියලවත් හිතන්න අමතක වෙයි..”

උඹ ඔහොම හිනා වෙයන්.. මුලින්ම විඳවන්න වෙන්නේ තමුසෙට..

මාව කාමරේ මුල්ලක ගැට ගහලා එයාලා කාමරේ අස් කරා..

මං ගහක් ගලක් වගේ නොසැලී බලන් හිටියා.. මගේ හිත සිය දහස් වාරයක් මැරී මැරී විඳෙව්වා…

එදා ගිනී ඔයාගෙම වෙච්ච දවස ඔයාට මෙච්චර ඉක්මනට අමතක වුණේ කොහොමද ශේශ්… ??

මං උමතුවක් තරමටම ඔයාට ආදරෙයි.. ඔයාටම විතරයි මේ ලෝකෙන් මං ආදරේ කරන්නේ…

ඒත් අද මං…??

ශේශ්.. ඔයාට මෙහෙම නොකර ඉන්න තිබුණා..

ඔයාට තොල් රතු යක්ෂනී බඳින්න ඕන නම් මාව එදාම මරලා දාන්න තිබ්බා..

ශේශ්.. !!!!!

මං කොහොමද දෙයියනේ මේවා දරා ගන්නේ..??

මට පුදුමයි.. ඇත්තටම පුදුමයි.. මං මේ තරම් ආදරේ කරන, උමතුවෙන් වගේ ඒ පහසම හොයන මගේ ශේශ් වෙන කෙනෙක්ව කසාද බඳිනවා මේ ඇස් දෙකෙන්ම දැකලත් මං තාම ජීවත් වෙනවා…

ඔලුව රිදෙනවා දරා ගන්න බැරි තරම්.. මේ දේවල් මෙහෙම දකින්න තරම් මං මොන පවක් කරලද දෙයියනේ…!!!

මීට වඩා දෙයක් තියෙද මට තව දකින්න…

ඔව්.. අද ගිනීව පිච්චෙනවා.. දැවි දැවී ඇවිළෙනවා.. ගින්න මම නෙවේ..

ආදරය විෂක්.. උග්‍ර විෂක්.. අද ඒ විෂෙන් මගේ ළය මියදෙනවා..

මට ආදරෙයි කියපු ඔයාවම මට මෙහෙම කරා..

තොල් රතු යක්ෂනී… එහෙනම් ඔයා දින්නා.. හැබැයි වැඩි කාලෙකට නෙවෙයි…

ශේශ්, යක්ෂණී.. දෙන්නටම මට උත්තර දෙන්න වෙයි..

මං ඔළුව දෙපැත්තට හරවලා ලොකූ හුස්මක් අරන් එකට ගැට ගහලා තිබ්බ අත් දෙක පපුව උඩින් තියා ගත්තා…

මගේ හදවත මැරිලා… ගිනීගේ හදවත මැරිලා..

අම්මේ… මට සමා වෙන්න…

මං සංසුන් ඇස් පියා ගත්තා…

——————————————————————————————————-

නෑ මුකුත් කියන්නේ නෑ…

ආදරෙයි පැලෙන්න.. හැමදාමත් මාත් එක්කම ඉන්න..

ඊළඟ පියාසැරියෙන් හමුවෙමු..
බුදු සරණයි…!!

18 thoughts on “? ගිනි කිරිල්ලී | පනස් හත්වෙනි කොටස | නවකතා”

    1. මාධියෝ… හැංගිමුත්තන් කලා ඇති නේ.. පෙනී සිටින්ට වේවි ඉක්මනින්ම… ? දන්නවද මට තරහයී……………. ?? ඊටම වඩා දුකයි දුකයි දුකායී………………………………….. ?????????????? මටත් හාට් ඇටෑක් ආවා මේ කතාව කියවපු මුල්ම දවසෙත්.. මහ නපුරියෙක් ඔයා දැනට.. ඒත් ඉතින් අන්තිමට ඔයා හරීම ??…. ගිනී යන්න ලගයි නේද… සමුදෙන්න ලෝබයි ගිනි කිරිල්ලිට.. ඒත් යන්න දෙන්නම ඕනි නේ.. ඉන්න තැනක සතුටින් ඉන්න ගිනී.. ආදරෙයි පැලෙන්න.. සුභ පතනවා අක්කියෝ ඔයාට .. සතුටින් හිනාවෙලා පරිස්සමින් ඉන්න.. දළදා සමිදු පිහිටයි.. බුදුසරණයි..!!!

    1. මොකද්ද අක්කි… කිවත් වගේ වෙඩිම ගත්තා නේද… ?? සංචි ආකාශ් බැන්දා වගේ දැන් ශේශ් අර යක්ෂනිව බැන්දා… අනේ..ගිනි කොච්චර දුක් විදිනවාද… අර විදුරු කැල්ලෙන් අත් වල බැමි ලෙහාගෙන ගිනි පැනගත්⁣තෝත් හොදයි… මොකක් හරි කරලා ශේශ් ගිනි එකතු කරන්න අක්කියෝ… සුභ පැතුම් කතාව සුපිරි..
      තෙරුවන් සරණයි අක්කියෝ !…

  1. හිතෙෂි මෙත්දරා

    Bagayak kiywaddinam hithuna akkiyooo ada kathwa baluwe aparade kiyala. Parana mathakayan aye aluth una. Ginita una wage mage adareth wena kenek badinwa mage as dekenma bala ganna una. Adanm godakma duka hithuna akkiyo.
    Kathwanm patta akki. Lassana awasanayak denna Ginita. Parissamin inna budu saranai.

    Meka iwara una gaman thawa kathwak oni hode. Liyana eka nawaththanna epa

  2. නිරෝෂා ලක්මාලි

    පව් දෙයියනේ ගිනී. තමන් පණ වගේ ආදරේ කරන ශේශ් තව කෙනෙක්ව බඳිනවා දකින්න මොන කෙනාටද පුළුවන්. මේ හැමදේම ශේශ් කරන්නේ ගිනීව බේරගන්න. ඒත් ඔය තොල් රතු යක්ෂනීව කිඩ්නැප් කරලා වැඩේ අවුල් කරලා දාන්න බැරි වුණාද ශේශ්ට. ගිනී පැනලා යයිනේ දැන්. කතාවේ අවසානය පේන මානේ.

    කරන කියන හිතන පතන සියළුම වැඩ කටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක කරගන්න ශක්තිය ධෛර්යය වාසනාව ලැබේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා..

    හැමදාමත් හිනාවෙලා සතුටින් පරිස්සමින් ඉන්න..
    ආදරෙයි පැලෙන්න..

    ? Wish your all the very best ?

    තෙරුවන් සරණයි !

  3. Shesh ara yakshaniwa marry kle giniwa beraganna ona nisa wenna athi…yakshaniwa nm ithuru karanna hoda na…kathawa ada nam godak dukai madhi ???????

  4. නිෂා සශී ?

    අනේ අක්කි මොකද්ද මේ කලේ ගිනීට තනිවෙන්න දෙන්න එපා මාධි අක්කියෝ….. ?????

  5. දේවාෂි

    හත් දෙය්යනේ????? මේ මොකද්ද මේ සිද්ද උන වින්නැහිය….. අනේ සාන්ත…. පව් අක්කියෝ අපේ ගිනි… අනේ අම්මපා මේ ශේශ් නම්…. ? වෙන වෙලාවට නම් හැමෝටම පුස් පාට් දාන්න පුලුවන් හ්හ්…. ඕන වෙලාවට මූ පූස් පැටියා වගේ නෙ..??
    කතාව වෙනදා වගේම ලස්සනයි අක්කියෝ… බුදු සරණයි පරිස්සමින් සතුටින් ඉන්න අක්කියෝ ?❤❤?

  6. ..Sandashen..

    අයියෝ මාධී අක්කියො උයා හදන්නේ අපිට හුස්ම ට්ක හිර කරලා මරන්න ද …මම මොකුත් කියන්නේ නැහැ ………මට තරහා ගිහින් තියෙන්නේ .ගීනීට වගේ ……ඒ නිසා ගිනිගේ ගින්න නිවුනම මන් මොනවා හරි කියන්නම්….
    කතව ගොඩක් ලස්සනයි අක්කියො …..????????????????????

  7. අපොයි දෙයියනේ මොකක්ද ඒ කරපු අපරාදේ….ශේශ් නාගයා ගිනීගෙ නෙ ???

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.