Katha Ahura

සූරියකන්දේ අභිරහස(අවසානය)

5/5 - (1 vote)

සූරියකන්දේ අභිරහස ?️
(අවසානය)

වතුයායට හිරු රශ්මියෙන් නැහැවෙද්දී සියල්ලෝම සතුටින් තම රාජකාරිය සඳහා පිටත් විය. තෙමසකට අධික කාලයක් සූරියකන්ද වතුයායේ අැතිව තිබූ බිය පසක් කරමින් සහකාර පොලිස් අධිකාරී අදීශ රණසිංහ හා මහචාර්යය සිරිමෙවන් රණතුංග හා ප්‍රධාන කණ්ඩායම එය සමතයකට පත් කරන්නට විය. රක්වාන පොලිස් මූලස්ථානය තුල වෙනදා නොදුටු මුහුණු රැසක් දැකගන්නට ලැබුණි.

” ⁣මාස තුනකටත් වැඩිය කාලයක් එස්ටේට් එකේ සෙල්ලම් දාපු අය දැන් අඳුරගන්න පුළුවන් ”
අදීශ පැමිණ සිටි සියල්ල ඉදිරියේ තම හඬ අවදි කලේය. ⁣
” අන්කල්ට බලාගන්න පුළුවන් මෙච්චර දවසක් අන්කල්ව අපරාධකාරයෙක් කරලා හිරේ යවන්න හදපු කෙනාව. එස් . අයි ගේන්න අර කට්ටියව”
සහකාර පොලිස් අධිකාරිවරයාගේ විධානයෙන් පොලිස් පරීක්ෂකවරයෙකු සිර බාරයේ සිටි වරදකරුවන් සියල්ල පිටතට රැගෙන ආවේය.
” මේ අර හිඟන මනුස්සයා නේද?”
සැරයන් විජයරත්න ඔහු දෙස පුදුමයෙන් බැලීය.
” මූ හිඟන්නෙක් නෙවෙයි හිඟන්නෙක් විදිහට රඟපෑමක් කරේ. මූ දැනගෙන හිටියෙ නෑ මම මුගෙ පස්සෙන් හිටියා කියලා”
සහකාර පොලිස් අධිකාරිවරයා හිඟන්නා අසලට ගොස් පැවසුවේය.
” ප්‍රේම්චන්ද්‍රන් , තමුසෙ හොඳ රඟපෑමක් කරේ ”
” කවුද පුතා මේ පස් දෙනා”
බිම බලාගෙන සිටි පස් දෙනා දෙස බලා විලී ඇසුවේය.
” මේ පස් දෙනාව මෙහෙයවපු කෙනාව දැක්කොත් අන්කල්ට පුදුම හිතෙයි . සාජන්ට් අර මනුස්සයව අරගෙන එන්න”
සැරයන්වරයා නැවත පැමිණියේ තවත් පුද්ගලයෙකු සමඟයි අත්අඩංගුවේ සිටි ඔහු දුටු සියල්ල පුදුමයට පත්විය. මෙපමණ කලක් සූරියකන්ද වතුයාය භීතියට පත් කරමින් සිටි ඔහු අන් කිසිවෙකු නොව විලී මහතාගේ සොහොයුරා ඩන්කන්ය .ඔහු තම වැඩිමල් සහෝදරියා ඉදිරියේ ලැජ්ජාවෙන් බිම බලාගෙන සිටියේය.
” ඩන්කන්, තමුසෙ මේ වගේ වැඩක් කරයි කියලා මම කවදාවත් හිතුවෙ නෑ උඹට මොනවද ඕන කරේ”
විලී කෝපයට පත්ව ඔහුගෙන් ඇසීය.
” හැම දේම උසාවියෙදි දැනගන්න පුළුවන් අන්කල් … බොස් හිතුවෙ වත්ත ඇතුලෙ කලබල ඇති කරලා විලී අන්කල්ව කූඩුවට යවන්න නේද , දැන් බලනවකො තමුසෙට වෙන දේ”
” රත්නපාල ඝාතනය , ෆෙඩ්රික් සහ ඔහුගේ පවුලේ අය ගිනි තබා ඝාතනය , තම සොහොයුරාගේ බිරිඳ ඝාතනය කිරීමට තැත් කිරීමට. වතුයායේ රෝහලට පැමිණි වෛද්‍යවරිය පැහැරගැනීමට තැත් කිරීම……..තමුසෙට මැරෙනකන්ම ඇතුලට ⁣වෙලා ඉන්න පුළුවන් ඩන්කන් ”
” අදීශ අැත්තටම කොහොමද මේ දේවල් තනියම හොයාගත්තෙ”
සැරයන් විජයරත්න ප්‍රශ්න කලේය.
” තනියම නෙවෙයි විජයරත්න .. හොඳ වැඩ කාරයෙක් අපිට කලින් මේ ගේම් එකට අාවා. එස් . අයි ගිහාන් වැලිවත්ත.. සී.අයි.ඩී”
සහකාර පොලිස් අධිකාරිවරයා එසේ පවසද්දී ඔවුන් ඉදිරියට පැමිණියේ සුපුරුදු මුහුණකි . ඔහු පැමිණි සහකාර පොලිස් අධිකාරිවරයාට ආචාර කලේය.
” නාලක”
චාපා විමතියෙන් ඇසුවේය.
” ⁣මම වත්තට එනකොටම හොඳ සාක්ෂියක් අරගෙන ආවේ කඩේ මුදලාලිගේ නෝනගේ කතාවෙන් මම දෙයක් තේරුම් ගත්තා . ඒ මනුස්සයා කියපු විදිහට රත්නෙයි රමණි අතරෙ අනියම් සම්බන්ධයක් තිබුනා. රත්නෙ මරලා දවස් දෙකක් ගියේ නෑ ෆෙඩ්රික්ගේ පවුලම ගිනි තියලා මැරුවා. මොකද රත්නෙ වෙනුවෙන් සාක්ෂි ඉදිරිපත් කලේ ෆෙඩ්රික් .. කිසිම සැකයක් හිතෙන්නෙ නැති විදිහට ෆෙඩ්රික් මැරුවා.. ඊළඟ ගොදුර වුනේ රමණි එයාගේ දරුවයි.. එක දැනගෙනම තමයි දවස් දෙකකට පස්සෙ රමණිවයි දරුවවයි මම කිඩ්නැප් කරේ. එදාම රෑ රමණිව මරන්න කට්ටිය ආවා ..වැඩේ හරි ගියේ නෑ. මිස්ටර් ඩන්කන් තමුසෙට එක තැනක වැරදුනා. තමුන් දවසක් කෝල් කරද්දි මම තමුසෙට හොරෙන් හොඳට අහගෙන හිටියෙ. එදාම මම තමුසෙව ෆලෝ කරලා තමුන්ලගෙ තිප්පොල හොයා ගත්තා. දවසක් රෑ මම හොරෙන් ගිහින් මේ මයික්‍රොෆෝන් එක සෙට් කරලා ආවා.. තමුසෙලා ගහන හැම ප්ලෑන් එකක්ම අපි අහගෙන හිටියෙ. දිස්නා මිස්ව මරන්න හැදුව ප්ලෑන් එක අවුල් වුනා මම කුස්සිය ළඟ හිටිය නිසා . ඩොක්ටර් අවන්තිව උස්සලා වැඩි දුරක් යන්න වුනේ නෑ මම තමුසෙලට ඇම්බුෂ් කරලා ඇටෑක් කරා.. තමුසෙලගෙ අන්තිම ප්ලෑන් එක බංගලාවෙ කුඩු තියලා මිස්ටර් විලීව හිරේ යවන්න . තමුසෙගෙ ගෝලයෝ ටික එන්න පැය බාගයකට කලින් අපි බංගලාවට ගියා වෙස් වලාගෙන . තමුසෙලගෙ ස්නයිපර් ඇන්ඩ් රයිඩර් දෙන්නම හිතුවා වැඩේ හරි කියලා … උන් දෙන්නව එස් ටී එෆ් එකෙන් ඉස්සුවා.. තමුසෙගෙ ගෝලයො ටික වැඩේට බහිනකොට ඒ.එස්.පී අදීශ ඇක්ෂන් එක ගත්තා.. තමුන්ගෙ ප්ලෑන් ඔක්කොම ඉවරයි.”

පොලිස් පරීක්ෂක ගිහාන් තම කතාව අවසන් කලේය.

” තැන්ක් යූ සෝ මච් ගිහාන් .. මම සී.අයි.ඩී එකට ගොඩක ස්තූති කරනවා පූර්ණ සහයෝගය දුන්නට”
සහකාර පොලිස් අධිකාරිවරයා සියල්ලට ස්තූති කල අතර මිනීමැරුම් හා අපරාධ චෝදනා යටතේ ඩන්කන්ට හා ඔහුගේ සහචරයින්ට මරණය දක්වා සිරදඬුවම් හිමි විය. රමණිට හා ඇයගේ දියණියට සියල්ල සම්පූර්ණ නිවසක් හා වෛද්‍ය අවන්ති විසින් ඇයට රජයේ රෝහලක සුළු රැකියාවක් සොයා දුනි

…………………………………………………….

සති දෙකකට පසු සහකාර පොලිස් අධිකාරිවරයාගේ හා චාපාගේ විවාහ උත්සවය ඉතා උත්සවය උත්කර්ෂවත් ලෙස පැවැත්වුනු අතර එයට සියලු හිතමිත්‍රාදීන් සහභාගි විය.

” ⁣මට ඔයාට තෑන්ක්ස් කරන්නවත් බැරි වුනානේ ”
රෝස පැහැති සාරියකින් සැරසුනු අවන්ති සැරයන් විජයරත්න සමඟ කතාබහක සිටි පොලිස් පරීක්ෂක ගිහාන් අසලට පැමිණ පැවසුවේය. සැරයන්වරයා ඔවුනට ඉඩ දිය.
” ඒක ඉතින් මගෙ ඩියුටි එකනෙ . ඔයා කපල් එකත් එක්ක ෆොටෝ එකක් ගත්තද?”
” තාම නෑ අදීශ මට කිව්වා ඔයාවත් එක්කගෙන එන්න කියලා. යමුද?”
” යමු”
…………………………………….නිමි………………………………………….

?COMMANDO …..

11 thoughts on “සූරියකන්දේ අභිරහස(අවසානය)”

    1. අම්බෝ…. ? ?
      ඕ යේ…?? මන් හිතුවා හරි නේද.. නාලක CID OFFICER කෙනෙක්… එතකොට මේ හැමදේම කලේ ඩන්කන්ද… යකෝ මාර සහෝදරයෙක් නෙ මේකා.. දඩු කදේ ගහන්න එපැයි මේකව.. රමණියි දුවයි බේරුවෙත් ගිහාන් නේද එතකොට.. පට්ට සුපිරි එළකිරි කතාවක් මල්ලිලා… කුතුහලය තිබුණා ආය නෑ බන්ලා දෝරෙ ගලා යන්න.. සුභ පතනවා මල්ලිලා දෙන්නටම හිතන පතන හැමදේම ඒ විදිහටම සාර්ථක වෙන්න කියලා.. නිම්නාද මල්ලෝ……… තව කතාවක් ඕනි හොදේ.. එතකොට මගෙ රශ් මල්ලියෝ…… අනේ ඔයාගෙනුත් කතාවක් දෙන්නකො ප්ලීස්…. සතුටින් හිනාවෙලා පරිස්සමින් ඉන්න ඕනි දෙන්නම හොදේ.. දළදා සමිදු පිහිටයි.. බුදුසරණයි…!!

      4
  1. මං කලින් ඉදන්ම හිතුනා මේ ඔක්කොම කරන්නේ ඩන්කන් කියලා… යේ්… මං හරි… අවන්ති ගැන නම් දුකෙන් හිටියේ… එයත් අදීශට කැමැත්තෙන් හිටියා කියලා හිතුනා… ඒයටත් ගිහාන්ව සෙට් වුන එක හොදයි… කතාවේ අවසානෙනම් සුපිරි… තවත් මේ වගේ කතාවක් අරගෙන ඉක්මනටම එන්න අයියේ…
    ???

    1
  2. තවත් ලස්සන කතාවක් අරන් ළඟදිම එනවා මගෙ අක්කලා , නංගිලා , අයියලා , මල්ලිලට….මේක නම් ටිකක් දිග එකක්

    1
    1. ඒ අදහස නම් මරු මල්ලියෝ .ඉක්මනින් එන්න බලන් ඉන්නවෝ.අපිත් ආදරෙයි ?????? මල්ලියෝ.කතාව කියවලා කමෙන්ට් එකක් දාන්නම් හලිද.තාම වැඩ මම

  3. දේවාෂි

    කතාව එකෙන්ම සුපිරි බ්‍රෝ…❤❤??
    ඩන්කන් තමයි නේ ඔක්කොම කරලා තියෙන්නේ… අවන්තිට ගිහාන් සෙට් උන එක හොඳයි….. වැඩ්ඩා ඉතින් ගිහාන් නේ…??
    තව කතාවක් ඉක්ම්නට ගේන්න හොදේ…. බුදු සරණයි පරිස්සමින් සතුටින් ඉන්න ???

  4. ෂා නියමයි රශ් මාත් හිතුවා ඩන්කන් තමයි හැමදේම කරන්නෙ කියලා හොර උගුඩුවෙක් වගේ ඉදගෙන ???….කතාව හරිම ලස්සනයි ….අලුත් කතාවත් අරං එන්න …Good luck & all the best rush ????????????????????????????

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.