Katha Ahura

? සමනල පියාපත් ? 67 වෙනි පියාපත්

5/5 - (1 vote)

67 කොටස

මං උක්කුං දිහා බලාගෙන හිටියා. උක්කුං හිටියෙ හොදටම කලබල වෙලා. මොනවත්ම හිතාගන්න බැරුව වගේ.

” උක්කුං .. කෝ ඉන්දු … එයාට අසනීපයක්වත්ද ….. ? ”

මං ආයෙමත් සැරයක් ඇහුවා.

” අයියේ .. ඉන්දු අක්කා ගිහිල්ලා ”

උක්කුං කිව්වම මට හිතාගන්න බැරි උනා මොකද්ද එයා ඒ කිව්වෙ කියලා. අතීතය මතක නැති ඉන්දු කොහේ කියලා යන්නද ..

” කොහෙද ඉන්දු ගිහින් තියෙන්නේ ”

” අර කාර් එකක් එන සද්දෙ අපිට ඇහුනේ. ඒ ඉන්දු අක්කගෙ පවුලෙ අයලු … කොහොම හරි ඉන්දු අක්කව හොයාහෙන මෙහෙටම ඇවිල්ලා. ඉතිං ඉන්දු අක්කා එයාලත් එක්ක යන්න කැමති වෙලා ”

උක්කුං කියාගෙන ගියා.

” ඉතිං උක්කුං කොහොමද හරියටම කියන්නෙ ඒ ඉන්දුගෙ පවුලෙ අයමයි කියලා.. එයාට මුකුත්ම මතක නෑනෙ ”

මං එහෙම ඇහුවම උක්කුං මුකුත් කිව්වෙ නෑ. කොල්ලා ටික වෙලාවක් කල්පනා කලා.

” වෙද මහත්තයගෙන් තමයි අයියේ ඒකනම් අහන්න වෙන්නේ …… ”

” ඉන්දු මටවත් කියන්නෙ නැතුවම ගියානේ …… කොහොමද එයා එහෙම කලේ ….. ”

මං කිව්වෙ දුකෙන්. මොකද මට ඉන්දුව අමතක කරන්න පුලුවන් කමක් තිබ්බෙ නෑ. මට හිතුනෙ ඉන්දුව හොයාගෙන එයාගෙ ගෙදරටම හරි යන්න. ඉන්දු ගිහිල්ලා තිබ්බෙ මගෙ හදවතේ ලොකු කොටසකුත් අරගෙන.

” මටත් හිතාගන්න බෑ රවීන් අයියේ මේ මොකද්ද උනේ කියලා ”

උක්කුං කිව්වෙත් උලුවස්සට හේත්තු වෙලා.

මම කලබලෙන් ඇදෙන් බහින්න හැදුවෙ වෙද මහත්තයා ළගට යන්න.

” ආහ් …. ආහ්…… ”

මගෙ කලුලෙන් පුදුම වේදනාවක් මට දැනුනේ.

” රවීන් අයියේ .. පත්තු බැදලා තියෙද්දි එහෙට මෙහෙට වෙන්නෙපා.. අමාරුයි එතකොට ”

උක්කුං දුවගෙන ඇවිල්ලා මාව අල්ලගත්තා. ඊට පස්සෙ මාව ආයෙමත් ඇදේ හාන්සි කලා.

” මං වෙද මාමව එක්කගෙන එන්නම්කෝ ”

උක්කුං කාමරෙන් එළියට ගියේ එහෙම කියාගෙන. මටත් ඕනෙ උනේ පුලුවන් ඉක්මනට වෙද මහත්තයව හම්බ වෙන්න.

විනාඩි පහකට විතර පස්සෙ වෙද මහත්තයා මගෙ කාමරේට ආවා. එයාගෙ මූණත් අදුරු වෙලා මැලවිලා ගිහිල්ලා තිබ්බා.

” වෙද මහත්තයා , ඉන්දු ”

මට එච්චරයි අහන්න පුලුවන් උනේ. වෙද මහත්තයා මුකුත් නොකියා ඇවිත් මගෙ ඇද ළගම තිබ්බ පුටුවෙන් වාඩි උනා.

” ඒ දරුවගෙ ගෙවල් වල උදවිය ඒ ළමයව හොයාගෙන මෙහෙටම ආවා පුතේ…”

” ඉතිං ඒ ඉන්දුගෙ ගෙවල් වල අයමයි කියලා කියන්නෙ කොහොමද වෙද මහත්තයා ”

මං ඇහුවෙ සැකෙන් වගේ. ඇත්තටම මගෙ හිතට තිබ්බ ලොකුම ප්‍රශ්නෙ තමයි ඉන්දු ගියේ එයාගෙම පවුලෙ අය එක්කද කියන එක.

” මට ෆොටෝ වගයක් පෙන්නුවා මහත්තයෝ ….. ඉන්දු දුවයි ඒ ආව උදවියයි එකට ඉන්න. අනික ඒ ආව තලතුනා වයසෙ නෝනා ඉන්දු දුවගෙ අම්මා වෙන්න ඕනා ”

වෙද මහත්තයා කිව්වෙ දෙගිඩියාවෙන්.

” ඉතිං එයාලව දැක්ක ගමන් ඉන්දු යන්න හිත හදාගත්තද වෙද මහත්තයෝ ”

මං එහෙම අහද්දි වෙද මහත්තයා මගෙ දිහා බැලුවෙ දුකෙන්.

” මාත් හිතුවෙ නෑ ඉන්දු දුව එච්චර ඉක්මනට යාවි කියලා. …ඒත් කෙල්ල ටික වෙලාවක් කල්පනා කරලා යන්න තීරණය කලා මහත්තයෝ … කොහොමත් ඒ දැරිවි අපිට අයිති දරුවෙක් නෙවෙයි නේ … ”

වෙද මහත්තයා එහෙම කියලා ඉදගෙන හිටිය පුටුවෙන් නැගිටලා කාමරෙන් එළියට ගියා.

මගෙ හිත කඩාගෙන වැටුනා වගේ. ඉන්දු මටවත් නොකියා පුලුවන් ඉක්මනට මෙහෙන් ගියේ මගෙන් ඈත් වෙන්න හිතාගෙන වෙන්න ඇති.

කොහොමත් හැමවෙලාවෙම එයා මට නොකියා කිව්වෙ එකම එක දෙයක් විතරයි. ඒ තමයි ආදරේ කියන්නෙ අයිති කරගන්න එකම විතරක් නෙවෙයි කියලා .

ඒත් ඇත්තටම එහෙම හිතලා හිත හදාගන්න පුලුවන් අපි හිතක් පපුවක් නැති මිනිස්සු නම් . ඉන්දුගෙ ආදරේ මට කිසිම දවසක අමතක කරන්න බැරි වෙයි . කොහොමටත් අමතක කරන්න බැරි වෙයි.

මම ඉන්දුගෙ ඩයරිය පපුවට තුරුල් කරගෙන ඇස් දෙක පියාගත්තා. මට දරාගන්නම බැරි උනේ එයා මට දුන්න ආදරේ . මං මගේ ආදරේ එයාට පෙන්නද්දි එයා මට ආදරේ නොකර හිටියනම් මට මේ තරන් දුකක් දැනෙන්නෙ නැති වෙන්න තිබ්බා.

ඒත් එයත් මට එයාගෙ ආදරේ ලෝභ නැතුව පෙන්නුවා. එයාට ඕනෙ උනේ එයාගෙ ආදරේ කිසිම ලෝභ කමක් නැතුව මට විදින්න දෙන්න විතරයි.

මං එයාව මගේ කියලා හිතාගෙන තුරුලට ගනිද්දි එයාව මගෙ ආත්මයම කරගෙන ඉඹිද්දි ඒ තොල් මගේමයි කියලා හිතද්දි එයා එකම එක වතාවක්වත් මම එයාගෙමයි කියලා හිතලා නෑ.

මම අනුන්ගෙ කියලා හිතාගෙනයි එයා මගෙ ළගට වෙලා ඉදලා තියෙන්නේ.කෙල්ලෙක්ට එහෙමත් නිර්ලෝභී වෙන්න පුලුවන් ද .. මට නම් හිතාගන්නවත් බෑ.තමන්ගෙ නොවෙන කෙනෙක්ට එයාට ඒ තරම්ම ආදරේ කරන්න පුලුවන් උනාද කියලා….

ඉන්දු ඇරෙන්න වෙන කිසිම කෙල්ලෙක්ට එයා වගේනම් වෙන්න බෑ. ඒක මතක් වෙද්දි මට හිතුනෙම ඉන්දුව හොයාගෙන යන්න.

මගෙ ඇස් දෙකට කදුලු ඉනුවෙ එයාගෙ ආදරේ මතක් වෙලා. ඒ ආදරේට ලෝභ හිතිලා.

මට ඕනෙ උනේ එයාගෙ ආදරේ ඇස් දෙක පියාගෙන එයාව ළග තියාගෙන විදින්න. ඒත් එයා මටත් නොකියා යන්නම ගිහිල්ලා.

දැන් ඉතිං මම කොහොමද ඉන්දුව හොයාගන්නේ. මං ඉන්දුගෙ ඩයරිය තව ටිකක් තදට පපුවට තුරුල් කරන් ඇස් දෙක පියාගෙන ඉන්දුව හිතින් මවාගත්තා.

___________________________________

මටත් නොකියම ඉන්දු වෙද ගෙදරින් ගියාට පස්සේ මටත් වෙද ගෙදර ඉන්න හිත දුන්නෙ නෑ.

ඉන්දුගෙ මතකය මාව හැමවෙලාවෙම රිද්දුවා. වෙද ගෙදර කොහෙට ගියත් මගෙ මතකෙට ආවෙ ඉන්දුව. සමහර වෙලාවට මට එයාව මැවිලත් පෙනුනා.

හැමවෙලාවෙම හිනාවෙන් පිරිලා තිබ්බ එයාගෙ කලුපාට දිගැටි ඇස් දෙක මගෙ හිතින් ඈත් උනේම නෑ.

වෙද මහත්තයා කිව්ව විදිහට නම් ඉන්දුලගෙ ගෙවල් තියෙන්නෙත් නුවරමයි. පේරාදෙණිය පැත්තෙ කියලා තමයි වෙද මහත්තයට කියලා තියෙන්නේ. ඒත් කලබලේට වෙද මහත්තයට ඉන්දුගෙ ඇත්ත නමවත් අහගන්න බැරි වෙලා.

කමක් නෑ…. මං මුලු නුවරම පීරලා හරි මගෙ කෙල්ලව හොයාගන්නවා. මට එච්චරයි ඕනෙ උනේ.

ඉන්දු වෙද ගෙදරින් ගිහින් දවස් දෙකකට පස්සෙ අපේ මල්ලියි පවනියි ආවා මාව බලන්න. අම්මා ඇවිල්ලා හිටියේ නෑ එයාට ටිකක් අසනීප වෙලා තිබ්බ නිසා. නංගිත් අම්මගෙ තනියට ගෙදර නතර වෙලා තියෙන්නෙ නහයෙන් අඩ අඩ.

මල්ලි මගෙ කාමරේට ආවෙ පුදුම කලබලේකින්. පවනිත් ඒ පස්සෙන්ම දුවගෙන වගේ ආවා.

” අයියේ ……. ”

මල්ලි මගෙත් එක්ක කතා කලත් උගෙ සිහිය නම් තිබ්බෙ වෙන කොහේ හරි.

” මොකෝ බං යකෙක් ගහලා වගේ ”

” කෝ අර කෙල්ල ”

මල්ලි එහෙම ඇහුවම මම බැලුවෙ පවනිගෙ දිහා. ඒ ඩිංගට පවනි හොද ගින්නක් පත්තු කරලා වගේ.

” මෙයාද ඔයාට කිව්වේ ”

මං පවනිව පෙන්නලා මල්ලිගෙන් ඇහුවේ.

” ඔව් … කෝ දැන් ඒ කෙල්ල … ”

මල්ලි ආයෙමත් ඇහුවා.

” ඇයි උඹ එයාව අහන්නේ …මොකෝ ඒ කෙල්ලව බය කරන්නද මගෙන් ඈත් වෙන්න කියලා ”

මං මල්ලිගෙන් ඇහුවෙ නෝන්ඩියට වගේ.මල්ලි මගෙ දිහා බලන් හිටියෙ මූණත් අදුරු කරගෙන.

” නෑ නෑ ……. ඒ කෙල්ලව බය කරන්න නෙවෙයි මං ආවේ ……. ”

මල්ලි එහෙම කියලා මගෙ ඇදේ කොනකින් වාඩි උනා. පවනි කාමරෙන් එළියට ගියේ එයාට කාමරේ ඇතුලෙ රස්නෙයි කියලා . මට නම් මේ පලාතෙ කිසිම රස්නයක් දැනුනෙ නෑ. පට්ටම කූල් එකක් තිබ්බේ. මට හිතුනා පවනි හිතලම මාව මග අරිනවයි කියලා.

” එයා ගියා මල්ලි …. දවස් දෙකකට කලින් එයාලගෙ ගෙදර කට්ටිය ඇවිල්ලා ඒ කෙල්ලව එක්කන් ගියා ”

මං කිව්වෙ අවුලෙන්. ඒ කියද්දිත් මට ඉන්දුව මැවිලා පෙනුනා.

” ගෙදරින් ඇවිල්ලා එක්කන් ගියාද … ඇත්තටම ”

” ඔව් බං …… මටවත් කියන්නැතුව කෙල්ල ගියේ … මං දන්නෙ නෑ බං හරිම අහිංසක කෙල්ලෙක්… ”

මං කියද්දි මල්ලි මගෙ දිහා බලාගෙන හිටියා. ඌ නම් හිටියෙ වෙන කල්පනාවක.

” අයියේ උඹ දැක්කද ඒ කෙල්ලව ගෙදර අය එක්කගෙන යනවා … ”

මල්ලි අහද්දි මම ඌ දිහා බැලුවෙ පුදුමෙන්. මූ දැන් ආව වෙලාවෙ ඉදන් අහන්නෙම ඉන්දු ගැන නේ.

” දැන් උඹ මොකටද ඕවා අහන්නේ ”

මං එක පාර එහෙම ඇහුවම කොල්ලා සයිලන්ට් උනා. පස්සෙ ඌ මගෙ දිහා බැලුවෙ හොරකමක් කරපු පොඩි එකෙක් වගේ.

” උඹට ඕවා අහගන්න කිව්වෙ පවනිද … එයාට දැන් නම් සතුටු ඇති … ඒ කෙල්ල යන්නම ගියානෙ … ”

මං කිව්වෙ මල්ලිගෙ පිටට පාරක් ගහලා. මල්ලි මගෙ දිහා බලලා හිනා උනා.

” නෑ.. එයා මට ඕවා අහන්න කිව්වෙ නෑ.. මට ඇත්තම කියපන්කෝ බං අයියේ … උඹ දැක්කද ඒ කෙල්ලව ගෙදර අය එක්කන් යනවා …. ”

මල්ලි ආයෙමත් ඇහුවා. මං ටිකක් කල්පනා කරලා උත්තර දුන්නේ.

” හ්ම්ම්ම් ….. ඒක තමයි බං මල්ලි මට තියෙන දුක .. අන්තිම වතාවටවත් මම ඒ කෙල්ලව දැක්කෙ නෑ. මගෙ කකුලෙ පත්තුවක් බැදලනෙ තිබ්බේ… ඒ නිසා ඇදෙන් බහින්න විදිහක් තිබ්බෙ නෑ. අනික මං හිතුවෙ නෑ ඒ හදිස්සියෙ එයාගෙ ගෙදරින් එයාව හොයාගෙන ඒවි කියලා ”

මං කිව්වෙ වේදනාවෙන්. එදා දවස මතක් වෙද්දි මට මාරම දුකක් හිතට ආවේ.

” ඒ අයියේ … උඹේ හිත කොහොමද ඒ කෙල්ලට ගියේ ඔච්චර ඉක්මනටම .. අපේ පවනි අක්කට වඩා කෙල්ල ලස්සනයි ද ”

මල්ලි කිව්වෙ මගෙ කර වටේ අතක් දාලා.

” මේ ලෝකෙ ඉන්න හැම කෙල්ලම කොයිම විදිහකින් හරි ලස්සනයි බං … ඉතිං ඒ කෙල්ලත් ලස්සනයි ”

” ලස්සනයි ද …. ලස්සනා………..යිද ”

මල්ලි ඇහුවෙ උගෙ මනමාල හිනාව දාලා. ඒකට නම් මටත් හිනා ගියා.

” මෙහෙමයි … බලෙන් ඔබ්බවගත්ත කැටයම් නම් නෑ බං… කෙල්ල ලස්සනයි … කොණ්ඩෙ ඉන ළගට විතර ඇති. තනි කරලට ගොතලා ..දිග සායයි බ්ලව්ස් එකයි ඇදලා ඉන්නේ.. මාරම චාම් …. ”

මං කිව්වෙ මනසින් ඉන්දුව මවාගෙන.

” අම්මටසිරි … සෝනම් කපූර් වගේ ඉන්න ඇති නේහ් කෙල්ල එහෙනම් ”

” හ්ම්ම් ඔව් බං……. ”

” ඇත්තද කෙල්ලට ඇවිදින්න බෑ කියන්නෙ”

මල්ලි ආයෙමත් ඇහුවා.

” ඇවිදින්න බෑ නෙවෙයි බං.. ඒ කෙල්ලට තියෙන්නෙ මොකක් හරි ශොක් එකක්.. ඒකයි කෙල්ල ඇවිදින්නෙ නැත්තේ ..”

” එහෙමද අයියේ ”

” ඔව් බං……. කෙල්ලට පොඩ්ඩක් සිහියත් අවුල්.. මං වගේම පරණ ඒවා මතක නෑ එයාටත් ”

” අප්පටසිරි එහෙමද බං …. පව් බං ඒ කෙල්ල ……. ”

මල්ලි කිව්වෙ බිම බලාගෙන .

” ඔව් බං ඒක නම් ඇත්ත. … මට ඒ කෙල්ලව නම් අමතක කරන්න බෑ මල්ලි ”

” ඉතිං මටත් කියන්නකෝ එයා ගැන ”

මල්ලි එහෙම ඇහුවම මට ඉන්දු ගැන නොකියා ඉන්න බැරි උනා. මං ඉන්දු එක්ක ගත කල හැම මොහොතක් ගැනම මල්ලිට කිව්වෙ පුදුම සතුටකින්.

මල්ලිත් මගෙ කතාවෙ හරි ආසාවෙන් අහගෙන හිටියෙ . මට පුදුමත් හිතුනා මල්ලි මගෙ කතාව අහන් හිටිය විදිහට .

” ඒහ් අයියේ .. උඹ ඒ කෙල්ලව කිස් කලාද … ඒ උඹ මාරයි නේ ”

කතාව අන්තිමට මල්ලි මගෙන් ඒක ඇහුවෙ හිනා වෙවී.

මගෙ මූණත් ලැජ්ජාවෙන් රතු උනා ටිකක්. ඒත් ඒ ගෙවුන හැම මොහොතක්ම මතක් වෙද්දි හිතට දැනුනෙ අමුතුම ආදරණීය හැගීමක්.

” ඔව් .. මං කිස් කලා ”

” හම්මෝ .. එක්කො හොද වෙලාවට කෙල්ලව එක්කන් ගියේ.. නැත්තන් උඹ හනිමූන් එකත් යනවා කෙල්ල එක්ක ”

” කට වහන් ඉදපන් ….. අන්තිමට මට ඒ කෙල්ලගෙන් කියලා ඉතුරු උනේ මේක විතරයි ”

මං එහෙම කියලා ඉන්දුගෙ ඩයරිය මල්ලිගෙ අතට දුන්නා.

” අපි ඒ කෙල්ලව කොහොම හරි හොයාගමු අයියේ ”

මල්ලි මගෙ ඇස් දෙක දිහා බලාගෙන කිව්වම මට පුදුමත් හිතුනා. පවනි ගැන මට අහන්න ඕනෙ උනත් මේ වෙලාවෙ මං එයාව අපේ කතාව මැදට ඇදලා ගත්තෙ නෑ.

” ඇත්තටම උඹ මට උදව් කරනවද මල්ලි ……. ”

” ඔව් බං අයියේ .. අනිවා උදව් කරනවා මං උඹට ”

මල්ලි එහෙම කියද්දි මට ඌ ගැන පුදුම සහෝදර ප්‍රේමයක් හිතට ආවෙ.

” රවීන් අයියේ ……… අයියෝ ..”

අපිට ඇහුනෙ පවනි යටි ගිරියෙන් කෑගහනවා. ඒ කෑගහපු විදිහටනම් මං දෙලෝ රත් උනා.

මං ඇදෙන් නැගිටලා පිම්මට එළියට දුවගෙන ගියා.

කාමරෙන් එලියට ඇවිත් සාලෙ දිගේ දුවන් ඇවිල්ලා පල්ලෙහා පඩියට අඩිය තිබ්බා විතරයි මගෙ කකුල ලිස්සලා ගියා. මට මාවම බැලන්ස් කරගන්න බැරි උනා.

” අයියේ …………… ”

මල්ලි හයියෙන් කෑගහනවා විතරයි මට ඇහුනේ.

ඊළග කොටසින් හමුවෙමු
????????????????????
හ්ම්ම් .. මොකද්ද මේ වෙන්න යන්නේ … ??? රවීන්ව දඩං බඩං ගාලා බිමටම පත බෑවෙයිද …… ??? අපි බලමුකො ඒක ඊළග කොටසින්.එතකොට රවීන්ගෙ අනාගතය කොහොම තීරණය වේවිද … එයාට ආයෙමත් ඉන්දුව මුණ ගැහෙයිද .. ??? එහෙම නැත්තන් එයා ඉන්දුව අමතක කරලා පවනි එක්ක ජීවත් වෙයිද … ?? ඒකත් බලන්න වෙන්නෙ ඉස්සරහට කතාවෙ වෙන්නෙ මොනවද කියලා බලලා තමයි .දිගටම කතාව එක්ක එකතු වෙලා ඉන්නකෝ ❤❤❤

මහන්සි වෙලා ඔයාලා වෙනුවෙන් ලියන කතාවට කොමෙන්ට් එකක් නොදා නං ඉන්න එපා හොදේ…ආදරෙයි ඔයාලට පැලෙන්න. තෙරුවන් සරණයි ⭐⭐⭐⭐⭐click කරන්න

මම ඩී.සුමිත්

163 thoughts on “? සමනල පියාපත් ? 67 වෙනි පියාපත්”

        1. ❤️?kaushi?❤️

          Tnx akkila okkotam….❤️❤️❤️❤️?????????????????????????????????????????????????????????????????????????????????????????? onna mn gane hamoma gandooo..palveniytm 1st une ad…

    1. නිරෝෂා ලක්මාලි

      අයියෝ ඉන්දු කෙල්ලව එක්ක ගිහින් කියන්නේ පවුලේ අය. නුවර පවුලේ අය නෑනේ සෂානිගේ. ඔය නම් චතුරයාගේ අම්මයි තාත්තායි වත්ද ආවේ. ඉන්දු ඇයි නොකියම ගියේ අභිට. මොනවට මෙහෙම කරන්න ඇතිද කියලා හිතාගන්න බෑ.

      ඔහොමත් කරනවද අයියේ අභිට. දැන් ඉතින් ඉන්දු ගැන හිත හිත දුක් වෙනවනේ. මල්ලි මොකද මේ ඉන්දු ගැන අහන්නේ පවනි කියලද ඒ සෂානි කියලවත්. එහෙම හිතන්න බෑ පවනි හරි දුෂ්ඨයිනේ අභිට සෂානිව ලැබෙනවට කොහොමත් කැමති නෑනේ. ඉතින් එයා කිව්වා වෙන්න බෑ මල්ලි අභිට එහෙම වුණොත් උදව් කරනවා කියලා දන්නවනේ.

      මොනවා වුණත් ඉන්දුව හොයාගන්න හරි මේ පාරත් මල්ලි අභිට උදව් කරනවා නම් ගොඩක් හොඳයි. අනිවාර්යයෙන්ම පත බෑවෙයි. ඒ වගේම ආයෙත් කොහේ හරි ඔළුව වැදිලා පරණ මතකයන් යලිත් ඒවී වගේ.. එහෙම වෙනවනම් ආයේ යන යන වැටුණත් කමක් නෑනේ නේද.. ???

      අතීතය මතක් වෙලා ඉන්දුව අමතක වෙලා සෂානි හොයන් යයිද දන්නෙත් නෑනේ අභි. ඩයිරිය තියෙන නිසා මොනවාහරි දෙයක් හොයාගන්න පුළුවන් වුණොත් හොඳයි. බලමුකෝ ඉතින් තව මොන මොන කරදර බාධා සිද්ධ වෙයිද දන්නේ නෑනේ.

      ???????????
      ? හමුවුණි ඔබ මට
      ? ජීවිතයේ එක් දිනෙක..
      ? සුන්දරයි සැබැවින්ම
      ? ඒ සොඳුරු මල් සමය
      ? එනමුත්..
      ? නිමවුණි ඒ සමය
      ? අපට නොදැනීම
      ? ඔබත් වෙන්වුණිද
      ? මටත් නොදැනීම
      ???????????

      කරන කියන හිතන පතන සියළුම වැඩ කටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක කරගන්න ශක්තිය ධෛර්යය වාසනාව ලැබේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා..

      හැමදාමත් හිනාවෙලා සතුටින් පරිස්සමින් ඉන්න..
      ආදරෙයි පැලෙන්න..

      ? Wish your all the best ?

      තෙරුවන් සරණයි !

    1. ඕවා ඕම තමා අක්කියෝ… මං ඊයේ අශ්වයා පිටේ ආවේ… ඒත් බැරි වුනානේ…??

  1. ❤️?kaushi?❤️

    Ane induwa aran giyada…mmm malli wisthara ahuwa widata nm mat hithenne e shani wenn oni pavani kiyanna athi..ane raveen kolla watuna ned.ane oluw kohe hari wadila mathke wath awoth nam hodai….mmm ko me nirwan koluw..?.tham awe nadd eya gihin..kathawa nm supirim supiri aiye ilagata wenne monada kiyala wath hitha ganna bari wenna kathawa liyala thiyanw ??❤️
    හීනි ඇස් දෙකෙන් හිනාවෙලා…
    හුරතල් හිනාවෙන් උමතු කරවලා….
    දෙතොල් මතින් උණු හාදු තවරලා….
    ආදරේ මහ ගොඩක් මට දීලා…
    හිත අද්දරට හීන ගෙනා….
    නෙත් කොනින් බලා ….
    ආදර කතා කියූ….
    පුංචි සමනළී….
    මටත් හොරා යන්න ගිහින්…
    වේදනාව මට දීලා….???
    Ane eka nam aul wage …hithata awa widihat liuwwe….

    1. ?නොහදුනන්නී ?

      සුදු නෝනා කියපන් රත්තරනේ
      කොහොමද උබ මාව දාල ගියේ
      දෙයියනේ
      උබට එක මොහොතකටවත්
      හිතුනෙ නැද්ද උබෙ සුදු මහත්තයා
      උබ නැතිව කොහොමද ජීවත් වෙන්නෙ කියල
      ඇයි යන්න ගියේ මැනිකේ
      මගෙ හිත පුරාම උබ විතරයි උන්නේ
      වෙන කාටවත් ආදරය කරන්න බැරි තරමටම උබ නමටම
      මේ හදවත ලියවිලා ඉවරයි
      මගෙ සුද්දියේ
      කොහොමද හිත හදා ගන්නෙ මන්
      උබ නැතිව කොහොමද මන් ජීවත් වෙන්නෙ
      මන් පිස්සෙක් වෙයි මැනිකේ
      මේ වේදනව දරා ගන්න විදිය මට
      එක පාරක් කියක දීල
      යන දිහාවක පලයන්
      මගෙ රත්තරනේ
      බලහන් අවිශ්වාසනම්
      මේ පපුව පලලා උබට තියෙන ආදරය
      උබට හිතා ගන්නවත් බෑ මැනික ඒ ආදරේ තරම
      උබ අඩයි මටත් වඩා මැනික
      මේ ආදරේ තරම දැන උන්නනම්
      උබ නැතිව හුස්ම ගන්නවත් මට මතක නෑ මැනික පපුව හිරවෙනව
      අනේ මෙච්චර වේදනාවක් දරා ගන්න තරම් මේ හිත හයිය නෑ
      මගෙ රත්තරනේ
      අනේ මගෙ සුදු නෝන
      ඉන්න තැනකින් ඉක්මන්ට වරෙන්
      උබෙ සුදු මහත්තයා ලගට
      මැරි මැරි ජීවත් වෙන්න බෑ මට තවත්
      ආදරෙයි රත්තරනේ හැමදාම උබට විතරක්ම…….

      1. ?නොහදුනන්නී ?

        ගොඩක් අය මන් ගැන අහල තිබුන කවුද කියල…අනේ මට ඒක නම් කියන්න බෑ …මන් ඉස්සෙල්ලා ඉදලම ඇප් එකේ හිටපු කෙනෙක් …98 මන්….ඉස්සෙල්ලා විහිලුවෙන් කමෙන්ට් කලා හැමෝම හිනස්සල …දැන් ඉතින් මෙහෙම තමා…අනේ හැමෝම සමාසමාවෙන්න හොදද…බුදු සරනයි දෙවි පිහිටයි හැහැමෝටම ….!!!☸️☸️??????

      2. Rasikala Erandi

        අනේ ලස්සනයි නන්ගියෝ ඒක.ගොඩාරියක් ලස්සනයි හදවතටම දැනෙනවා …

          1. නිෂා සශී ?

            අක්කි රවීන් අයියගෙ හිත කියවලා ලස්සනයි අක්කියෝ ??????

        1. ?නොහදුනන්නී ?

          ඔවු නිශා බබා…ඒත් පිරිමින්ගෙ හිත් කියවන එක අමාරුයි …බුදු සරනයි !!???☸️☸️☸️

          1. ?නොහදුනන්නී ?

            තෑන්ක්ස් කෞශි බබා …කෝ අද දේවාශි බබා …

  2. සෙව්මි

    ? දැනෙනා තුරු මා
    ? ඉන්නද නුඹ ගාවින්
    ?මියෙනා දිනයෙ
    ? කදුලක රස විදිමින්

    ?නුබගේ පහසේ
    ?රහසක් උනු මාගේ
    ? නොලියූ කවියේ
    ? පද එකිනෙක බිදුනෙ

    ? දැනෙනා සෙනෙහේ
    ? අයිතිය නැති මා
    ? කව්රුන්දෝ කියලා ඇසුවා

    ? අපගේ වරදේ
    ? ගැඹුරක් දැනෙනා
    ? දවසේ මොහොතක් මං සිතුවා ……

    මගේ ආසම සින්දුවක් ????

    1. ?නොහදුනන්නී ?

      දැනෙනා සෙනෙහේ අයිතිය නැති මා කවුරුන්දෝ කියල සිතුනා….????

    2. සෙව්මි

      කොහොමද ලොකු අයියේ . බේත් බොනවා නේද වෙලාවට .. හැමෝම පරිස්සමෙන් ඉන්න. තෙරුවන් සරනයි .. ආදරේයි හැමෝටම ?????

    3. Rasikala Erandi

      මන් අහලම නෑ මේ සින්දුව දැන් download කරලා ඇහුවා ඇත්තමයි ලස්සනම ලස්සනයි

    4. වෙන්වී යන බව දැන දැනම
      තාම හිත ඉල්ලන ඔය දෑත
      අහස ගුගුරා කිව් ඒ පුවත
      තේරුනා මට නම් කල් ඇතිව

      1. ?නොහදුනන්නී ?

        නැවත හමු නොවන සංසාර ගීයේ
        හිතක තනි මකනවා
        අපගෙ ප්‍රේමයට පසු වදන ලිවුවෙ
        කවුදෝ අපි හොයනව….???

        1. සෙව්මි

          ?නිල් පාටින් හැඩ මේ අහස
          ?ආදරේ දුක වින්දා.. ද
          ?මා ගාවින් උන් ඒ හීන
          ?පාවෙලා යනවා දුර ඈත …

  3. Rasikala Erandi

    අනේ ඒ මොකක්ද ඒ උනේ ඉන්දු වගේ ඉන්නේ අපේ ශානිනේ ඉන්දුව බොරු කියලා එක්ක ගියාවත්ද ..මොනාද අප්පා මේ වෙන්නේ මටනම් හිතාගන්නවත් බෑ ඉන්දු එකපාරම ගියේ ඇයි ….

    දාලා යන්න හිත හදාගෙන හිටියනම් ඇත්තටම ඉන්දුට තිබුනා බලාපොරොත්තු නොදී ඉන්න.ආදරෙන් ලන් වෙනකොට හිත රවට්ටගෙන හරි ඈත් වෙන්න තිබුනා බලාපොරොත්තුවක් දීලා එක පාරම අතුරුදහන් උනාම කොච්චර අසරණ වෙනවද කොහෙ කියලා හොයන්නද හරියට නමක් ගමක් කිසි දෙයක් දන්නැතිව.ඒ අතින් ඉන්දු නරකයි අප්පා එක පාරම ඔහොම යනවද මතකයන් ටිකක් උනත් ඒවා හිතෙ උපරිම තැනට රිද්දනවා ඒ තරම් සුන්දර විදියට ආදරේ කරලා දාලා ගියාම.අනේ මන්දා දුකයි අදනම්..?????

    මටනම් හිතෙන්නෙ පවනි ඉන්දු ගැන අභී අයියගෙ මල්ලිට කියලා වගෙ.එයා දන්නවා ඒ හිටියේ ශානි කියලා.ඒකනේ විස්තර එහෙම ඇහුවෙ ගොඩාක්.අනේ ඒත් ඉන්දුව වෙන කොහාට හරි අරගෙන ගිහින්නම් ගෙදරින් නෙවෙයිද දන්නෑ ආවේ මටනම් හිතෙන්නෙම ආයෙමත් කලින් කට්ටියම ඉන්දුව අරගෙන යන්න ඇති කියලා.මොනා වෙයිද මන්දා අනේ.අම්මෝ අභි අයියගේ ලැජ්ජාව බලන්නයි.මූණ සතුත් වෙලා මෙන්න.මල්ලිටත් ඔන්නැති දෙයක් නෑනේ ඉතින්.මොනා උනත් ගොඩාරියක් වටින සහොදරයෙක්.ඇත්තටම සහොදරකම දන්න කෙනෙක් හදවතින්ම උදව් කරන්නේ එයා.එහෙම අය අඩුයිනේ දැන්…

    පවනි හොද වෙලාද මන්දා. ඒත් ශුවර් කරන්න බෑනේ හැම සද්දෙටම වැඩිය බයයි කියනවනේ නිශ්ශබ්දය.පවනි මොන මගුලක් කරගෙනද මන්දා බෙරිහන් දුන්නේ.හැබැයි ඒකෙන් හොදක් වෙයි කියලා හිතෙනවා වැටිලා අභී අයියගෙ මතකය ඒම එන එකක් නැතිවෙයි නේද අයියේ මන් මේ නිකමට වගෙ අහන්නෙ.කොහොම හරි ඉන්දු ගියාට පස්සෙ තමයි සේරම වෙන්නෙ ඇයි අප්පා…

    ?????????????
    සිත් අහස් ගැබ පුරා
    සදක් සේ සැරි සරා
    රැස් කිරණ විහිදුවා
    අහස් කුස එළිකළා
    සෙනෙහෙ පිදු තරම් එදා
    අමතක කරන්න හැකිද සදා
    නැවත නැත ආලෝක ධාරා
    මගේ හද අඹර පුරා
    අමාවක පමණි දිවිතුරා.
    සැගවුණු මගෙ සදවතිය නැතිදා…….
    ????????????

    අයියේ පරිස්සමින් ඉන්නවා නේද?සනීපයි නේද ඔයාට දැන් පරිස්සමින් සතුටින් ඉන්න හොඳද බුදු සරණයි ..???

    1. ලස්සනයි මගෙ මචී

      බලාන ගියාම මට විතරයි බං කවි හදන්න නිසැදෙස් හදන්න බැරි. හදවත පිහිටලා තියන තැන අවුලක්ද කොහෙද නේද

      1. Rasikala Erandi

        තැන්කූ දුල් මැණික ????
        අයියෝ මටත් බෑ සුදු ඒම ලස්සන අදහස් එනවා අඩුයි ඉතින්.චුට්ටිත්තක් විතර පුලුවන් වගෙ හැබැයි.දුල් මචෝ වෙනසකටත් එක්ක ලියන්නකෝ ආසා හිතෙයි ඔයාටත්.

      2. Rasikala Erandi

        තැන්කූ දුල් මැණික ????
        අයියෝ එකක් ලියන්නකෝ ඔයත් එතකොට ඉබේම ආසාවට ලියන්න හිතෙනවා

  4. Rasikala Erandi

    අනේ දන්න කෙනෙක් කියන්නකෝ account එකේ නම වෙනස් කරගන්න විදිය හදාගන්න බෑනේ අප්පා.

  5. Chamodya Madusanki

    අම්මෝ කතාවනම් සුපිරී..
    ඒ හිටියේ ශානි කියලානම් 100% සුවර් දැන්. ඒත් නොකියා ගියේ ඇයි අනේ කියලා යන්න තිබ්බනේ. පව් අපේ රවීන් අයියා ඉන්දුත් පව් අනේ කෙනෙක් අයිති නෑ කියලා දැන දැනත් ආදරේ කරනවා කියන්නේ ඒ ආදරේ නම් සුපිරී..

    මොනා උනත් අයියේ ඔයා හරි නරකයි අප්පා??? ඇයි අනේ මෙයාලා හා හාපුරා කියලා ආදරේ කරන්න ගත්තා විතරයි ඔයා එයාලව වෙන් කරානේ ??අඩුම තරමේ මල්ලි එනකම්වත් ඉදලා යවන්න තිබ්බනේ අනේ.

    මල්ලි අර ප්‍රශ්න පත්තරේ අහපු විදියට ඔය ශානියම වෙන්න ඕනි??. රවීන් අයියා වැටුනා නේද? ඔයා වැටිච්ච පාරට කොහේ හරි ඔලුව වැදිලා නැති උන මතකෙවත් ආවනම් මොකෝ වෙන්නෙ එහෙනම් ඉතින් කෙල්ලවත් මතක් වෙනෝනේ???

    නෙතු සෙලවෙන හැම මොහොතේ
    ඇදෙන ඔබේ රුව දෑසේ
    අහිංසකයි සිනා ඔබේ
    හිත බැදුනා හොර රහසේ

    හුස්ම ගැනෙන හැම මොහොතේ මතකෙට ඔබ එනවානේ
    හිත් පතුලේ ඇති ආදරේ
    කියා ගන්න නොහකි වුනේ

    හිතේ පිරුණු අපේ ආදරේ
    නැත අපහට උරුම වුනේ
    වෙන්වන්නට අද ඇවිදින්
    දුක හංගා යනෙනු මැනේ

    කතාවනම් ගොඩාක් ලස්සනයි අයියා.
    බුදුසරණයි
    පරිස්සමින් ඉන්න හැමෝම
    ආදරෙයි පැලෙන්න?? හැමෝටම

    1. අක්කියෝ….. ඩොක්ටර් කෙනෙක් එක්කන් එන්නද කැඩුණු හිත එකතු කරන්ට…….

  6. කෝමද අයියේ දැන්.. ඔළුවේ අමාරුව හොදයිද දැන්… බෙහෙත් බීවද අයියේ… පරෙස්සමින් ඉන්න ඕන… දඟ පවුලට පාලුයි ඔයා නැත්නම්.. ??

    කතාව නේ… සෝ සෑඩ් අප්පා.. ?? මේම කරන්න එපා අයියෝ… නුවරින් ආවනම් එන්න ඇත්තේ පොලිස් කොට්ටෝරුවාගේ ගෙදරින් තමා… ගල් මූසලයා ආයි මොනා කරන්න යනවද මන්දා…??

    පව් අප්පා රවීන්… ආදරේ නම් වෙලාවකට දුකක් නේ…. කොච්චර විදවනවද රවීන් කොල්ලා.. ?? ඉන්දුට ඕන වුනේ රවීන් අයියගෙන් ඇත් වෙන්න… ඒක තමා එයා ගියේ… එයා ගියාම රවීන් අයියා කොහොම ඉදීද කියලා හිතන්න තිබ්බානේ.. ඉන්දුට… දාන පාරමිතාව පුරනවා මෙතන… වෙස්සන්තර කියලද දන්නැ හිතන් ඉන්නේ.. ?

    මල්ලි ආව එකනම් හොදයි… පවනි ගිහින් කියන්න ඇති… නැ නැ… ඔය කූඩැල්ලිට කියවෙන්න ඇති.. ?? ඔය නැට්ටිච්චි නැත්නම් කියයි මේන් කියලා…
    මල්ලිට උන් හිටි තැන් අමතක වෙලා… දැන්නම් හොදටම විස්වාසයි මේ නම් ෂානිම තමා… ? මල්ලි යයි ෂානිලාගේ ගෙදර… ෂානි ගෙදරද බලන්න…

    රවීන් අයියාට ඉක්මනට මතකේ ආවනම් හරි.. එතකොට අර ඇක්සිඩනට් එකට කලින් කවීෂ් කිවේ මොකද්ද කියලත් දැන ගන්න පුළුවන්නේ.. ?? ඒත් ඉතින් අයියා දෙන්නෙම බාල්දිනේ… මේ දෙන බාල්දි වල හැටියට බාල්දි කඩයක් දාගන්න පුළුවන්.. ?

    හෙටත් ලොකු බාල්දියක් නේද අයියේ… පාවී කැගැහුවේ ඇයි දන්නැ… ඒක බලන්න යද්දී තමා රවීන් අයියා වැටෙන්නේ… ඇවිද ගන්නම බැරි වෙයිද දන්නැ රවීන් අයියාට… එතකොට තව ගොඩ කිලයක් ඉන්න වෙනවානේ වෙද ගෙදර…?

    කොයි මේ හාල් ගැරඬියා ?? අයියා කවද්ද ගෙන්නේ ????? බලන්නත් ආසයි… තවත් කෙට්ටු වෙලාද දන්නැ..? හාල් ගැරඬියා ගෙනල්ලා පවනිව සෙට් කරමු… පොලිස් කොට්ටෝරුවා තනිකඩව තියමු.. උට ගැනු ඕනි නැ… හරිද අයියේ…

    කතාව ඉතින් ලස්සනයි… අයියා ලියන විදිය තවත් ලස්සනයි.. අපේ කුතුහලය උපරිමයෙන් අවුස්සලා අපි හිතන් නැති පැත්තකට කතාව ගෙන්යනවා… අයියා දක්ෂයි නේ ඉතින්…
    පරෙස්සමින් ඉන්න ලොකු අයියේ… වැඩිය මහන්සි වෙන්න එපා… දිග කමෙන්ට් එකක් දාන්නවත්… බෙහෙත් බිලා සනීපෙන් ඉන්න ඕන..
    තෙරුවන් සරණයි..!

    ????????????
    ?සමාවෙන්න සුදු මහත්තයෝ…
    ?යන්නේ හිතකින් නෙවේ
    ?රත්තරන්
    ?මං යන්නම ඕන…
    ?මං හින්දා උඹ විනාස වෙනවා ?මට බලන්න බැ මහත්තයෝ
    ?හැමදාම සතුටින් ඉන්න ඕන
    ?පණ…
    ?මං නැතත්…
    ?උඹේ ආදරේ ලෝභ නැතුව මට
    ?ලැබෙද්දි…
    ?මටත් උඹට ආදරේ නොදී ඉන්න
    ?බැරි වුනා රත්තරනේ…
    ?දැන් උඹ ඒ හින්දා විදවනවා
    ?මං දන්නවා මට සමාවක් නැ
    ?කියලා…
    ?ඒත් රත්තරනේ පුළුවන්
    ?දවසක මට
    ?සමාව දියන්
    ?උඹ නැතුව මට වෙන ජිවිතයක්
    ?නැති වෙයි..
    ?ඒත් උඹ ජිවත් වෙයන්
    ?උ⁣ඹේ පාවී එක්ක..
    ?අහිතක් නැ රත්තරනේ
    ?උඹ ගැන මට…
    ?උඹේ සතුටත් මට මගේ සතුට
    ?වගේමයි..
    ????????????
    – ඉන්දු –

    1. නිෂා සශී ?

      ඉන්දුගෙ හිත අපෙ දුලා කෙල්ල කියවලා ?? ලස්සනයි පැටියෝ ????

      1. තැන්ක්ස් නිෂා අක්කියෝ… රවීන් අයියගේ ප්‍රශ්නවලට උත්තර දෙන්න හිතුනා… ??

    2. හපොයි ඔය කාලා තියෙන්නේ.. මං හිතුවා ඕම වෙයි කියලා… ⁣හාට් එක මැදට රිංගලානේ..??

  7. නිෂා සශී ?

    අනේ අයියේ ඉන්දු අරන් ගිහින්නේ. මේ මෝඩ මල්ලි පැටියත් එන්නෙ එන්න ඕනි වෙලාවෙ නෙමේනෙ.එදා අයිය එවන් නැතුව මල්ලි ආවනන් මක් වෙනවද දැන් එනව මෙතන කෙල්ල කොහෙද අරන් ගියේ බලන්න දෙන්න හිතයි හොම්බට හැටක්.????????
    ???

    පවනිවනන් රවීන්ට දෙන්න එපා අයියේ වෙන ඕන කෙල්ලෙක් දෙන්න මොන තරහක්ද කියල නන් දන්නෑ ඒත් එයාව මට අල්ලන්නෑනෙ අප්පා. එයා මහ ඇණයක් නිකම්ම ඇණයක් නෙමේ පරාල ඇණයක්.????

    හරි දැන් කියන්නකො දඩං බඩං ගාල බිමට පෙරලුනාද රවීන් අයියා. මට මෙහෙම හිතෙනවා අයියේ????. ඔහොම වැටිලා රවීන් අයියගෙ ඔලුව කොහෙ හරි වැදිල සිහිය නැතිවෙලා ආය සිහිය එද්දි පරණ මතකය ආයෙත් ආවොත් කෝමද. සිරියම්මෙ සාරා නේ ????

    හරි හරි ඒක නෙමේ ලොකු අයියේ ඊයෙ ඔලුවෙ කැක්කුමයි කිව්වනෙ ඒක දැන් අඩුද. අනේ පරිස්සන් වෙන්න හලිද නැත්තන් සීනි දාල වෙඩිතියල එලියෙ තීනව කූඹි කන්න මං සැරයි ඈ ???? විහිලුවක් කලේ ලොකු අයියේ අනේ ඇත්තටමයි කියන්නෙ අයියා පරිස්සන් වෙන්න එතකොට හැමෝම සතුටින් මං කැමති නෑ මගෙ පවුලෙ කවුරුත් ලෙඩ වෙනවට. ඒනන් බේත් ටික බීලා ඉක්මනට සනීප වෙන්න මගෙ ලොකු අයියේ….

    කතාවනන් පට්ට පට පට අයියේ. කතාකරන්න දෙයක් ඇත්තෙම නෑ සුපිරියි. අපෙ අයිය කොල්ල දස්සයානෙ ඉතින් නේද ලොකු අයියේ….. එහෙනන් හෙටත් එන්න මගෙ ලොකු අයියේ… කමෙන්ට්කරන්න පරක්කු වුනාට සමාව භාජනේක දාල දෙනු මැණවි මහරජතුමනී….. ????
    කෝ අයියේ අපේ රාජ සභාව ඒක නැතුව පාලුයි. සෙකට්‍රිලා, බිසෝවරු , ඉන්ෂූරන්ස් නංගිලා , රාජකීය වෙදදුරු, රාජකීය හෙදියනන් ඉන්නෝ ඈ ? අනේ ඒ කාලෙට යන්න ආසයි අයියේ.. කමක් නෑ මේ ඉන්න අයත් එක්ක අලුත් බැඳීමක් හදාගන්න මං කැමතියි…

    හරි හරි දැන් ඇඬුව ඇති. නැත්තන් මගෙ 4න් රාජයාට හොටුත් වැටෙයි. හෙටත් එන්නකො ලොකු අයියේ… බුදු සරණයි දළදා සමිදු පිහිටයි පරිස්සමින් සතුටින් ඉන්න සුබ දවසක් ලොකු අයියේ …..???????????

    ඔබ කොයි ගිහින් දෝ
    නෙත් මානෙන් මිදිලා
    අමතක නොවේ ඔබෙ රුව
    නෙත් තුල සැඟවීලා
    දන්නෙද මගෙ මැණික
    මේ පෙම ඔබෙ කියලා
    බැහැ දෙන්නට
    වෙන කෙනෙකුට
    හදවත ඔබේ නමින්
    කැටයම් වෙලා
    පිය නගනු මැන
    සිත් අහස වෙත
    මාගේ සඳ දෙව්දුවම වෙලා….
    ???සුදු මහත්තයා????

    1. ල්…… ල…….. ලස්……. ලස්ස…….. ලස්සන…….. ලස්සනයී……………. මගෙ නර්ස් නෝනේ…… ????

  8. Ane indu ginda raveen aiytat nokiya eka nm hrima waradine ane etakota Kuda induwa Aran giye shanilage gdrin wenna bane chathura hipatuwage gdrinvatda ane mnda ????????

    Etakota ara pavi pavita nm hodama Wade Malli kohomda ane vistare Dana gtte pavani kiynne nane ????? ane mnda

    Pavani gana mathak weddi nm mta enne hrima Kura sathutak Appa ????? hoda Wade eka athakata pavanita anunge kollange age ellenna ynvata oya pavanita hodama Wade raveen aiyge mathake awama tamai balanna wenne pavanita mkda wenne kiyla

    Ai Danna ara pavi pavi pavani ka ghuwe eka ka ghddi raveen aiyta kakule amaru mukut na Pana kadan duwala gin eya patha bariyan unada koheda hbai eken raveen aiyge mathake ei kiyla hithenwa mta ehma weida Danna mkda eka mta hithena vidiyane e unata pen eka tiyenne ape loku athene e hinda itin hitha gnna ba idiriya gana nm

    Loku oya hodin sanipen innwa neda welavata Beth bonna oluwe kakkumak amaruwak awamat apita comment krla oya asanipa wenna epa loku API kawadavat oyt ekka tharaha wenne nane oya asanipa unama tamai apitat duka ekai kiynne loku parissam wenna rest krnna

    Katawa gana mm itin kiynna deyak nane loku hamadama kiynva wage itin katwa patta super excellent ?????????
    Apit katawa athulema jiwath wenva kiyla hithnva itin katwa kiywaddi ?????????
    Theruwan saranai loku parissam wenna

    E wagema daga paule asanipa wela Inna Hama kenekma ikmnta sanipa wenna kiyla parthana krnwa hamoma parissam wenna budu saranai theruwan saranai ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  9. Sadamali nuwanthika

    මං නම් හිතන්නෙ රවීන් ට අද උනු සිද්දිය නිසා සිහිය එයි…එයාට ආපහු ශානිව මතක් වෙයි….එහෙම නේද උක්කුං පුතේ….

    1. එහෙම වෙන්නත් පුළුවන් නේ.. ඔයා අක්කියෙක්ද නංගියෙක්ද කියලනම් දන්නේ නෑ..
      ??? කොහොම ද ඔයාට..

  10. උක්කූං පුතා(SuMi )

    ඉන්දු පවනි රවීන් අස්සේ
    ලස්සනට කවිපද ගැලපෙනවා
    මාත් හරිම ආසාවෙන්
    ඒ කවි අතරෙ සැරිසරනවා
    ලියන්නට හරි හරියට කවි
    මේ මටත් හිතෙනවා
    ඒත් ඩිංගක් අසනීපයි
    ඒ හින්දා මං සමාව අයැදිනවා

    රවීන්ගෙ ආදරේ පවනිගෙ කෑදරේ
    ඉන්දුගෙ අහිංසක කම
    අපි හැමෝගෙම හිත් හොල්ලනවා
    කතාව ඇතුලේ මොහොතකට අපිත්
    ජීවත් වෙනවා
    එක්කෙනෙක් ඉන්දු වෙනවා
    තව කෙනෙක් රවීන් වෙනවා
    තවත් කෙනෙක් පවනි වෙනවා
    එහෙම හිතින් මවාගෙන
    හැමෝම ලස්සනට කවි ලියනවා ,,,,,,

    ඇත්තටම ඒ කවි අස්සේ
    මමත් ජීවත් වෙනවා
    මගෙ දග සෙට් එක
    ඔයාලත් ජීවත් වෙනවා
    ඒක තමයි අපි මවාගත්ත
    සුන්දරම ලෝකෙ
    ‘ සමනල පියාපත් ‘ ඇතුලේ
    අපේ පුංචි පවුල සතුටින්
    අත්වැල් බැදගෙන ඉන්නවා ,,,,,,

    කොහොමද මගේ දග සෙට් එක… අද ඔයාලා කවි ගොඩක් දාලා. ඒවා හරිම ලස්සනයි . හරිම ලස්සනයි කියන්නෙ සුපිරියි. කියන්න වචන නෑ මට. ඒවා දැක්කම ඇත්තටම මට පුදුම සතුටක් දැනෙන්නේ. ඒ සතුට වචන වලින් කියන්න බෑ මට.

    ඔයාලගෙ ආදරේ ලෙංගතුකම මට හොදටම දැනෙනවා. ඒත් සමාවෙන්න මගේ දග සෙට් එක. මට අද ටිකක් අසනීප නිසා ඔයාලගෙ ලස්සන කවි වලට කමෙන්ට් එකක් දාන්න විදිහක් නෑ. ඔයාලා හැමෝටම පොදු කමෙන්ට් එකක් දැම්මට ආයෙම වතාවක් සමාව ඉල්ලනවා.

    හෙට නම් මං අනිවාර්යයෙන්ම හැම එක්කෙනාටම ලස්සන රිප්ලයි එකක් දෙන්නම්. ඒක අයියගෙ පොරොන්දුවක්. හැමෝම කතාවත් එක්ක එකතුවෙලා ඉන්න දිගටම. ඔයාලට හිතාගන්නවත් බැරි වෙයි ඉස්සරහට මොකද වෙන්නෙ කියලා.

    මේ ලෙංගතුකමට ගොඩාක් ස්තූතියි . මේක තමයි මගෙ හයිය. ඔයාලගෙ කමෙන්ට් තමයි මගෙ හයිය.ශක්තිය. මගේ වත්කමක් ඒක මට වඩා ඔයාලා හොඳටම දන්නවා කියලා මම දන්නවා මගෙ දග සෙට් එක පරිස්සමට ඉන්න. හැමදාමත් සතුටින් ඉන්න. ආදරෙයි හැමෝටම. බුදුසරණයි . හෙට ඔයාලගෙ සුමි අයියා හැමෝටම ලස්සන දිග කවි කමෙන්ට් දෙන්නම්. ගුඩ් නයිට් දග සෙට් එකේ හැමෝටම. ❤️❤️❤️❤️????

    1. නිෂා සශී ?

      මගෙ ලොකු අයියේ හැමදේටම කලින් ඔයා පරිස්සමින් සනීපෙන් ඉන්න හලිද. ඉක්ම්මමනින් සනීපවෙන්න අයියේ. අපිට ඔයාගෙ රිප්ලයි එක නැතුව ටික දවසක් ඉවසන්න පුලුවන් ඉතින් හලිද. මං හිතන්නෑ දවසක් දෙකක් රිප්ලයි නොකරට මේ ඉන්න කවුරුත් අයියත් එක තරහවෙයි කියල ඒකනිසා හැමදේටම කලින් අයියා සනීප වෙන්න. මේවගේ පොදුවේ කමෙන්ට් එකක් දැම්ම්මම එකත් අපිට ගොඩක් වටිනව මගෙ ලොකු අයියේ. එහෙනන් බෙහෙත් බීලා පරිස්සමින් සනීපෙන් ඉන්න බුදු සරණයි දළදා සමිදු පිහිටයි මගෙ ලොකු අයියට ??????

    2. තාම අඩු නැද්ද අයියේ.. පරෙස්සම් වෙන්න අයියේ… අයියා මහන්සි වෙන්න ඕනි නැ… අපිට රිප්ලයි නොකරට අපි තරහ නැ අයියේ… අපිට ඕනි අයියා ඉක්මනටම සනීප වෙන්න… ඉක්මනට සනීප වෙලා දඟ සෙට් එකත් එක්ක දඟ කරන්න එන්න… ඒ හොදටම ඇති අයියේ… ⁣බෙහෙත් බිලා ඉක්මනට සනීප වෙන්න අයියේ… අයියට දළදා වහන්සේගේ පිහිටයි… පරෙස්සමින් ඉන්න.. රෙස්ට් කරන්න අයියේ… තෙරුවන් සරණයි..!
      ???

    3. මේ….. දැන් නම්දෙන්නෙ ගුටි… සිංහල තෙරිය මා……. කියන දේ අහනවකො වදේ… තනි රිප්ලයි තියා පොදු කමෙන්ට් එකක් වත් එපා අප්පා.. රෙස්ට් එකේ ඉන්නකො අප්පා බේත් බීලා.. පොඩි උන් හොදයි තව ලොකු බබ්බුනෙ හිතුවක්කාර.. දිමි ගොට්ටක් ගෙනත් පත බාවනවා ඔය ෆෝන් තඩියට.. අම්මටවත් ඔන්න ඔය ෆෝන් එක වීසික් කරන්න අදහසක් පහල වෙනවනම් හොදයි.. සමාව ඉල්ලන්න ඕනි කමෙන්ට් නොදාන එකට නෙමේ කියන දේ අහන් නැතුව කමෙන්ට් දානවට.. අනේ කියන දේ අහලා පරිස්සමින් ඉන්න අයියා මචන්.. බේත් බීලා හොදටම හොද වෙලා මිසක් එක කමෙන්ට් එකක් වත් දාන්න තියා හිතන්නවත් එපා.. දළදා සමිදු පිහිටයි අයියේ.. සතුටින් හිනාවෙලා පරිස්සමින් ඉන්න… බුදුසරණයී….

    4. කොමෙන්ට් එපා ලොකූ දුල් අක්කා කිව්ව වගේ පොදු එකක් වත් එපා ඔයා පරිස්සමින් සතුටින් ඉන්න.. බෙහෙත් බීලා රෙස්ට් එකේ ඉන්න… ඔයා සනීප වෙන එක නේ මුලින්ම වෙන්න ඕන අයියේ…. ඒ නිසා හොඳ වෙනකන් බෙහෙත් බීලා පරිස්සමින් රෙස්ට් එකේ සතුටින් ඉන්න අයියේ…….??

      1. ?නොහදුනන්නී ?

        පරිස්සමෙන් ඉන්න අයියා.ඉක්මන්ට සනීප වෙන්න …අයිය අසනීපයි කියන්නෙ හැමෝම දුකින්…රෙස්ට් කරල ඉක්මන්ට සනීප වෙලා එන්න…බුදු සරනයි දෙවි පිහිටයි !!!

    1. යසයි යසයි යසම යසයි.. ඩිගරි ඩිගා… ඕ… යේ………. ????? සාදු සාදු සාදු… අනේ ඔය පවන් සලාව කොටියම කාපිය.. ඇත්තටම පවනි ගැඩවිලිච්චිට මොකද උනේ…….. මොනා උනත් කමක් නෑ යසයි… කෙනෙක්ට කරදරයක් උනාම සතුටු වෙනවා නෙමේ ඉතින් මේ.. ? ඔය වගේ එකියෙක්ට මොනා උනත් කමක් නෑ.. කෝමා එකක් වගේ ආවත් පව් නෑ ආදරේකට අකුල් හෙලන ඔය වගේ නැට්ටිච්චියෙකුට…
      ඇයි ඉන්දු නොකියම ගියේ.. ? ෂුවර් එකටම ෂානි කෙල්ල පරිත්‍යාග පාරමිතාව පුරනවද කොහෙද.. පව් රවීන් කොලුවා.. ඒත් ඉතින් ඒකගෙත් කොන්ද පණ නෑනෙ.. කෙලින්ම කියන්න තිබ්බනෙ ඉන්දු ඕනි කියලා.. මේ රවීන් කාරයා ඇනලීඩා වංශිකයෙක්ද මන්දා..
      අයියෙ මන් අහන්නද දෙයක් හොද උනාම උත්තරයක් දෙන්බකො හොදේ.. ආදරේ කියන්නෙ පරිත්‍යාගයක් තමයි ඒත් හැම ආදර කතාවක්ම පරිත්‍යාගයක් වෙන්න ඕනි නෑනෙ.. රවීන් ඇත්තටම ෂානිට ආදරෙයි නම් ෂානි ඇත්තටම රවීන්ට ආදරෙයි නම් ඇයි ඒ ආදරේ පරිත්‍යාග කරන්න ඕනි…? රවීන්ගෙන් ඈත් වෙලා ෂානි ජීවිත කාලෙම දුක් විදිනවනම් රවීන් කරන ඒ පරිත්‍යාගයෙන් වැඩක් නෑනෙ.. ඒ වගේමයි ෂානිගෙන් ඈත් වෙලා රවීන් ජීවිත කාලයක්ම දුක් විදිනවනම් ෂානි කරපු පරිත්‍යාගයෙනුත් වැඩක් වෙන්නෙ නෑනෙ නේද…? ඊට හොදයි මොන දේ උනත් ඒ දෙන්නා එකතු වෙන එක..
      කතාව හරීම ලස්සනයි අයියා මචන්.. ඉක්මනින්ම සනීප වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා අයියේ… දළදා සමිදු පිහිටයි ඔයාට.. සතුටින් හිනාවෙලා පරිස්සමින් ඉන්න.. බුදුසරණයි…!!!!

      1. ඒක නම් ඇත්ත අක්කි.. රවීන් ඉන්දුට වඩා පවනිට ආදරේ කරනවානම් ඉන්දු ආදරේ පරිත්‍යාග කරාට කමක් නැ.. මොකද රවීන් පවනිට ආදරේ හින්දා… ඒත් මේක එහෙම නෙවේනේ… දෙන්නට දෙන්න පණ ඇරලා… එතකොට දෙන්නටම සතුටින් ඉන්න බැනේ නේද අක්කියෝ…
        ???

  11. මුලින්ම ලොකූට ඉක්මනට සුව වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා…?❤?
    සමාවෙන්න අයියේ මම ලොකු අවුලක අද දිග පිස්සු කොමෙන්ට් එකක් දාන්න බැරි වෙයි…
    කතාව ලස්සනයි ලස්සනයි…. වෙනදා වගේම මොනා වෙයිද අන්නේ නැහැ නේ…. ඔයා තමයි දන්නේ….
    බුදු සරණයි පරිස්සමින් සතුටින් සතුටින් ඉන්න අයියේ.. දළදා සමිදු පිහිටයි අයියේ……❤❤??

    1. හැමෝගෙම කොමෙන්ට් කවි ඔක්කොම ලාස්සනයි……..??❤?
      ආදරෙයි කාටත්….❤❤?

    2. මචී මැණික මොකෝ අවුල… කමෙන්ට් එකෙන්ම තේරෙනවා අවුලෙන් කියලා… අවුල ඉක්මනටම ලෙහෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.. මොකද මේ නිහඩ දේවාෂිට මන් චුට්ටක්වත් කැමති නැ… අපේ දඟ මල්ල , පිස්සු ⁣දේවාෂි ආපහු ඉක්මනටම ඕන… ඔයා ඔහොම ඉද්දි පාළුයි අනේ… හෙට එන්න අවුල ලිහාගෙන මැණික… බුදුසරණයි..! පරෙස්සමින් ඉන්න…

      1. මචී ආදරෙයි මැණික….. අවුල ටිකක් හරි… නිහඬ දේව් ට ගොඩක් අය කැමති නැහැ…. ඉක්මනට නියම දේව් එවි….❤❤?

    3. මැණික ඔය මූඩ් එක ගැලපෙන් නෑ අනේ ඔයාට.. අවුල් වලට බම්බු ගහන්න කියලා ඔයා එන්න අනේ කෝලම් නටන්න.. එක්කො කෝලම් එපා සොකරි හොදයි නේ.. සොකරි කියන්නෙත් කෝලමක්ද මන්දා.. මොක උනත් පිස්සු කෙල්ල දේවාෂි කෝ එන්න ඉතින්…

      1. අනිවාරෙන් එන්නම් මගේ අක්කියෝ ඉක්මනට…..
        ආදරෙයි අක්කේ… මෙහෙම හොයනවට…..❤❤?

    4. Rasikala Erandi

      දෙව් මොකො අව්ල?අනේ ඕම ඉන්න එපා සුදු ඔය මූඩ් එක ගැළපෙන්නෙම නෑ ඔයාට.

      1. හ්ම්ම් ඔව් අක්කියෝ… මාත් මෙහෙම ඉන්නේ කිසිම කැමැත්තකින් නෙවෙයි…..??
        ආදරෙයි මැණික ❤❤❤

      1. ?නොහදුනන්නී ?

        දේවාශි බබා මං ඔයාව හෙවුව…අනේ ඔයා ඔහොම ඉන්නෙපා …ඔයාට ඔය මූඩ් එක හරියන්නෙ නෑ…අපිට ඕනි අර කලින් හිටපු පිස්සිව අපිව හිනා ගස්සපු කෙල්ලව…ප්‍රශ්න එනව මැනික ජීවිතේට…ඒත් හිනා වෙලා ඉන්න .එතකොට මූන දෙන්න ලේසි …දුකින් හිටිය කියල අපිට ලැබෙන දෙයක් නෑ සුද්දී…පරිස්සමෙන් ඉන්න …ඉක්මන්ට එන්න අර කලින් හිටපු පිස්සි ..ආදරෙයි…බුදු සරනයි දෙවි පිහිටයි !!!???

        1. මගේ චූටි අක්කිට මම ගොඩක් ආදරෙයි මැණික…..❤❤❤
          දන්නවා අක්කියෝ… මම මූණ දෙන්නම් ප්‍රශ්න වලට…. ඔයාලා ලොකු හයියක් මට…… ඉක්මනට ඔයාගෙ පිස්සි ඒවී…..
          මේ හැමදේටම ගොඩක් පින්.. මම ස්‍තුති කියන්න කැමති නැහැ…… මොකද මට ඊට වඩා ගොඩක් මේ වචන වටිනවා…..❤❤❤??

  12. Rasikala Erandi

    පරිස්සමින් ඉන්න අයියේ ඉක්මනට සනීප වෙන්න.අනේ කමෙන්ට් කරන්න ඕනා නෑ අයියේ අසනීපෙන් හිටියත් හැමෝටම රිප්ලයි කරනවනෙ ඔයා.ඒම කලේ නෑ කියලා මේ කවුරුවත් තරහ වෙන්නෑ හැබැයි බොරු කියන්න ඕනා නෑනේ අයියගේ කමෙන්ට් එකක් නැති උනාම ඇප් එක පාලුයි වගේ මේ විදියට පොදුවෙ එකක් දැම්මාම ඇති අයියේ මහන්සි වෙන්න එපා.ඔයා අසනීප උනාම අපිටත් දුකයිනේ.ඉක්මනටම සනීප වෙලා එන්න අයියේ.බේත් ටික බොන්න වෙලාවටම 4n එක වැඩියේ පාවිච්චි කරන්න එපා ඒක හොදනෑ.පරිස්සමින් සතුටින් ඉන්න අයියේ.දළදා සමිදු පිහිටයි ඔයාට ඉක්මනටම සනීප වෙන්න.බුදු සරණයි ….!!!!!!

  13. Chamodya Madusanki

    ආසයි කවියක් ලියන්න ඔබලාට අද
    දහසක් පැතුම් ගොනුකර මම ලියමි අද
    රහසක් කියන්නම් කාටත් නොකියන්න
    යන මේ කවියේ මුලකුරු ටික බලනවද?

    මගේ අක්කලා අයියලා හැමෝටම ලස්සන හීන පේන සුබම සුබ රාත්‍රියක් වේවා..????
    බුදුසරණයි මගේ අක්කලා අයියලා හැමෝටම
    ආදරෙයි හැමෝටම???

    හෙට හමුවීමේ බලාපොරොත්තුවෙන් අදට සමුගන්නෙමි..
    පරිස්සමින් ඉන්න

  14. දෛවය අපේ ඉරණම වෙලා
    අප වෙන් කලා
    ඔබ දුන් සෙනේ මාලග තිබේ
    ඇස් දෙක වෙලා
    මට ඔබ තරම් වෙනකෙකු නැතී
    ආදරේ කලේ සදා
    මගේ ජීවිතේ පුරා…

    දැන දැනත් විදවනා තරම්
    දුක මටම දුන්නා
    තව තවත් දුක තියා ඔයා
    නොඑන බව කීවා
    නික්මුණේ ඔබ කොහේ
    අවසානයක් නොතියා
    මගේ ආදරේ තවත් ඔබටම තමා…

    දුර ඇතත් වෙන්වෙලා ඔයා
    ලග වගේ දැනුනා
    හිත හදන් ඉන්නට තව බෑ
    ඔබෙ අඩුව දැනුනා
    නික්මුණේ ඔබ කොහේ
    අවසානයක් නොතියා
    මගේ ආදරේ තවත් ඔබටම තමා…

    1. අනේ…….. මගෙ අක්කියෝ ලස්සනම ලස්සනයි… මේකත් සින්දුවක් කියලනම් කියන්න එපෝ……..

      1. අනේ දෙයියනේ ශෙහාන් මිහිරංග මේ ඇප් එකේ නෑ නේද
        එයාගේ රසිකයෝ එහෙමත් නැත්තන් ඉතිම් මගේ කියලා කියන්නම් චුට්ටි. ???

        1. අනේ මට බනින්න එපා මගේ කමෙන්ට් බොක්ස් එකේම දාන්න ගියේ. මොකක් හරි වෙලා මෙතනට ඇවිත්. වරද මගේ නෙමෙයි ඔන්න

    2. ලොකු කතාව නම් සුපිරි. ලස්සනයි.එක දිගටම කියවන්න ඇත්නම් කියලා හිතෙනවා. දවසට කොටස් දෙකක් වගේ දෙන්න බෑද කතාව තව පොඩි කාලයයි නේද.
      සමනල පියාපත් නම් කවදාවත් අමතක වෙන් නෑ. ඒ තරමට ලස්සනයි.ඊළගට දෙන්න ඉන්න කතාව මොකක්ද ලොකු.

      මට හිතුණා ඉන්දු යන්න ගිහින් කියලත්.අනේ.මංදා මේ ශානිම වෙන්න ඕන. හොර කෙල්ලෙක්.යන්න කලින් ඉතින් සොමෑන්ටික් උනානේ.ඒත් අනේ ඇයි නොකියම ගියේ.
      රවීන්ට ආදරේ කරන්න,බලාගන්න පවනි ඉන්න නිසාවත්ද, ඉන්දු අසනීපෙන් ඉන්න නිසා වෙන්න ඇති පවනිටම බාර දෙන්න හේතුව. ඒ උනාට රවීන් ආදරෙයිනේ. නැත්තන් කමක් නෑ.

      ඒත් ඉතින් එහෙම පරිත්‍යාග කරන්න පුලුවන්ද. මාත් අහලා තියෙන්නේ නවල් වල විතරයි. පිස්සු හැදෙයිනේ.

      ඉතින් ලොකු හැමදාම පරිස්සම් වෙන්න.බේත් හරියට මග අරින්නේ නැතිව ගන්න. කමෙන්ට් වලට රිප්ලයි දාන්න කලින් ඔයා සනිප වෙන්න ලොකු . රිප්ලයි නැතත් කමක් නෑ අයියේ. ඉක්මනට හොද වෙලා එන්න.බුදු සරණයි
      දෙවි පිහිටයි.

  15. Rasikala Erandi

    සුභ රාත්‍රියක් දග පවුලේ හැමෝටම අසනීපෙන් ඉන්න හැමෝටම ඉක්මනටම සනීප වෙන්න කියලත් දුකින් අව්ලෙන් ඉන්න අයගේ හැම දුකක්ම හැම අව්ලක්ම විසදිලා වෙනදා වගේම ඊටත් වඩා සතුටින් ඉන්න ලැබෙන්න කියලත් ප්‍රාර්ථනා කරනවා….???????
    දළදා සමිදු පිහිටයි හැමෝටම බුදු සරණයි පරිස්සමින් ඉන්න හැමෝම ???????????

  16. නයෝ මධූ

    අයියා පන…… පරිස්සමෙන් අනේ ඔයා. තාම අඩු නැද්ද ඔයාට? පරිස්සමෙන් ඉන්න අයියේ. ඔයා අසනීප වුනොත් අපි ඔක්කොම අසනීප වුනා වගේනේ. ඔයා නැත්තම් අපිටත් කිසි ෆිට් එකක් නෑනේ අයියේ. වෙලාවට බෙහෙත් බීලා රෙස්ට් එකේ ඉන්න අයියේ.

    කතාව ගැන මොනවා කියන්නද? ඇයි අයියේ ඉන්දුව එහෙම යැව්වේ ඔයා? පව්නේ අනේ රවීන්. දැන් එයා කොහොමද තනියම ඉන්නේ? මල්ලිට සැකයි වගේද දන්නෑ එයා ෂානි කියලා. ඒ නිසානේ ඉන්දු ගැන එච්චර විස්තර ඇහුවේ නේද? ඇත්තටම මල්ලි උදව් කරයිද ඉන්දුව හොයාගන්න? පවනි මොනද දන්නෑ හොර පූසි වගේ ඉන්නේ? අල්ලන්නේ නෑ එයාගේ ඒ ගතිය. මොකක් හරි දෙයක් කරයි වගේ එයා. අර කිව්වත් වගේ සතුටු වෙයි ඉන්දු ගිහින් කිව්වම.

    රවීන් වැටිලා ආය කකුල මොකක් හරි කරගනීද දන්නෑ අයියේ. පවනිටත් මොනවා වුනාද මන්දා එච්චර කෑ ගහන්න. හෙටම බලමුකෝ නේද මොකද වෙන්නේ කියලා.

    ආයෙත් කියනවා අයියේ ඔයා පරිස්සමෙන් ඉන්න. අපි හැමදාමත් ඔයාට ආදරෙයිනේ. ඒ නිසයි පරිස්සම් වෙන්න කියන්නේ. වෙලාවට කාලා බෙහෙත් බීලා ඉක්මනට සනීප වෙලා එන්න හොඳේ. බුදු සරණයි ඔයාට.

    1. නයෝ මධූ

      හැමෝගෙම කවිනම් පට්ට ලස්සනයි අනේ. සමාවෙන්න මෙහෙම පොදු කමෙන්ට් එකක් දාන්න වුනාට.

  17. අද නම් හැමෝම චුට්ටක් දුකින් වගේ… ?? අද දඟ පවුලේ කට්ටියත් අඩුයි නේද… සදි අක්කි ,මහි අක්කි කෝ ඔයාලා… සදශෙන් අක්කි ඔයත් නැ අද.. ලුවී නංගා…අයේෂා අක්කි මොකද අද ඔයාලා නැත්තේ… මං නම් නොකීව අයත් ඇති සමාවෙන්න නම් කියවුන් නැත්නම්… පාළුයි වගේ… ආව සමහර අයත් දුකින්.. ඒ අස්සේ අයියා ලෙඩ වෙලා… අපේ දඟ පවුලට මොන ඇස් වහක් වැදුනද මන්දා අද දවසෙනම්…

    හැමෝගෙම ප්‍රශ්න නැතිවෙලා… අසනීප අය සුව වෙලා… සතුටින් ඉන්න… හෙටත් එමු අපි හැමෝම ඇප් එකට…වෙනදා වගේම දඟ කරලා විහිලු කරලා සතුටින් ඉන්න…

    හැමෝම පරෙස්සමින් ඉන්න.. සුභ රාත්‍රීයක් හැමෝටම.. ආදරෙයි හැමෝටම..
    ❤️❤️❤️❤️

    1. ? මහිංසා ?

      නංගියෝ මේ ටිකේ චුට්ටක් බිසී. ඉස්සර වගේ එන්න. තාම බෑ ginikirilli කොටස් විස්සක් විතර කියවන්න තියෙනවා…. ඒ ටික කියවන්නවත් වෙලාවක් නෑ…. පරිස්සමින් සතුටින් සනීපෙන් ඉන්න මැණික බුදු සරණයි ඔයාට

  18. හෙට දිගම දිග කොටසක් දෙන්න හොදේ…… අපෙ හොද සුදු උක්කුන් ලොකු අයියනේ??????????

  19. ? මහිංසා ?

    කතාව කියෙව්වා… කියන්න දෙයක් නෑ එකෙන්ම සුපිරි… ඒත් ඉතිං කමෙන්ට් එකක් දාන්න බැරි උනා. සමාවෙන්න මගේ ලොකු., ඔයාට තාම සනීප නැද්ද. හැමදාම කියනවනේ දිග කමෙන්ට් දාන්න එපා කියලා. කෝ අහන්නෙ නෑනෙ ඔයා…. ටිකක් රෙස්ට් කරන්න…බේත් ටික හරියට බොන්න මහ රෑ වෙනකන් ඇහැරන් ඉන්න එපා. ඉක්මනින්ම සනීප වෙන්න කියලා හදවතින්ම පතනවා…

    කෝ අපේ සඳ… එයත් අසනීපෙන්ද… අනේ ඉතිං අසනීප වෙලා ඉන්න හැමෝම ඉක්මනින් සනීප වෙන්න කියලා හදවතින්ම පතනවා… හැමෝම රෙස්ට් කරන්න.. phone display එක ගොඩක් වෙලා එක දිගට බලන් ඉන්න එපා… ඒක ඇත්තටම අමාරුයි. අසනීප වෙන්න ලොකු හේතුවක් වෙනවා. ඉතින් ජය ශ්‍රී මහා බෝ සමිඳුන් පිහිටෙන් ඔයාලා හැමෝම ආරක්ෂා කරල දෙන්න කියල මං ප්‍රාර්ථනා කරනවා…. කතාව ගැන නම් මොකුත් කියන්නේ නෑ… අද තමයි කොටස් දෙකම කියවන්නෙ අද කොටස කියවලා කමෙන්ට් එකක් දාන්නම් පරිස්සමින් සතුටින් සනීපෙන් ඉන්න දග පවුල් හැමෝම

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.