Katha Ahura

සූරියකන්දේ අභිරහස(අවසානයට පෙර)

5/5 - (1 vote)

සූරියකන්දේ අභිරහස ?️
(අවසානයට පෙර)

පසුදින විසි දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් යොදවා වතුයාය පුරා විසබීජ හරණය සිදු කරන්නට වූ අතර එහිදී විශ සහිත කූඩැල්ලන් රැසක් විනාශ වී තිබුනි. සියල්ල සතුටට පත් වන්නට වූ එක් කරුණක් විය . රෝගීන් සියල්ලගේ තත්වය සුව අතට පත්ව තිබුනි. එයට සම්පූර්ණ ස්තූතිය මහචාර්යවරයා හා වෛද්‍යවරිය විසින් වෙද මහතාට ලබා දුනි. ඔහුගේ බෙහෙත නොතිබුනා නම් ඔවුන් තවමත් අසරණ තත්වයක සිටින බව නිසැකය.

එදින රාත්‍රීයේ බොස් තම ගෝලයන් සමඟ එකතු වී සැලැස්මක් ක්‍රියාත්මක කලේය.

” විලී දැන් ඉන්නෙ වත්තෙන් පිට තැනක . ඒ එස් පී කාරයා අපේ වැඩේ තවත් ලේසි කරා”
⁣බොස් තම සහචරයින් ඉදිරියේ පැවසුවේය.
“මොකක්ද බොස් අපේ ප්ලෑන් එක ?”
” තව පැය දෙකකින් හරියටම රෑ එකොළහ වෙනකොට උඹලා හතර දෙනා බංගලාවට යන්න ඕන . බංගලාව මුර කරන එකා නිවාඩු . බය වෙන්න කිසිම දෙයක් නෑ උඹලට තියෙන්නෙ සැක හිතෙන්නෙ නැති විදිහට මේ කුඩු පැකට් හතර විලීගේ කාමරේ මේස ලාච්චුවෙන් දාන්න . ආයේ මිනිහට කාලෙකට එළියට එන්න බෑ. කුඩු ජාවරම්කාරයෙක් ආරක්ෂා කරා කියලා අදීශ කාරයාගෙත් වැඩ තහනම් වෙනවා.”
බොස් සිනාසී පැවසුවේය.
” බොස් , ශංකර්ට කෝල් එක දෙන්න ඕනද?”
” අනිවාරේන්, ඌට කියපන් පැයකට කලින් ප්‍රේම් එක්ක ඇවිත් නුගේ ළඟින් ඉන්න කියලා. හදිස්සියක් වුනොත් ගේම දෙන්න බලාගෙන.”
………………………………………………………………………
රාත්‍රී දයහට පමණ වතුයායේ පිහිටි විශාල නුග ගහ අසලට වී සිටි පුද්ගලයින් දෙදෙනෙකි ඔවුන්ගේ එක් අයෙකු අත ස්නයිපර් ගිනි අවියක් විය ඔවුන් දුම් පානයේ යෙදෙමින් සිටියේය. ඔවුන් සිටි ස්ථානයට බංගලාව පැහැදිලිව දර්ශනය විය.
” තව පැයකින් අපේ කට්ටිය එනවා. හදිස්සියක් වුනොත් මම වෙඩි තියනවා . උඹ ලෑස්ති වෙලා හිටපන් ”
රාත්‍රී එකොළහට පැය බාගයක් පමණ තිබුනි.
” ප්‍රේම් අයියා අපේ කට්ටිය කලින්ම ඇවිල්ලා වගේ”
ශංකර් දුටුවේ මුහුණු ආවරණය කරමින් බංගලාවේ පිටුපස දොරින් බංගලාවට ඇතුලු වන සිව් දෙනෙකි ඔවුන් සිව් දෙනා මුහුණු ආවරණය කරමින් සිටි අතර ඔවුන් විනාඩි දහයක් පමණ බංගලාව තුල සිට පිටතට පැමිණියේය.
” වැඩේ හරි වගේ අපි ඉක්මනට මාරු වෙමු”
ප්‍රේම් ගිනි අවිය ගෙන යතුරුපැදියට නැගගත් අතර ශංකර් කුඩා පාර දිගේ එය වේගයෙන් ධාවනය කරේය. නමුත් ඔවුන් ගමන් කල මාර්ගය හරස් වෙමින් විශාල ලී කොටයක් ඒ හරහා වැටුනි. වේගය පාලනය කරගත නොහැකි වූ නිසාම යතුරුපැදිය පෙරලී දෙදෙනාම ඇදගෙන වැටුනි. තුවාල සහිතව දෙදෙනාම වැටී සිටි තැනින් නැගිට ගත්තා පමණි. ප්‍රේම් නුදුරින් වැටී තිබූ ස්නයිපර් ගිනි අවිය ගැනීමට ගියේය.
” උඹේ ⁣හැංගි මුත්තු සෙල්ලම ඉවරයි ”
ප්‍රේම්ගේ හිසට එල්ලවී තිබුනේ ටී පනස්හය ගිනි අවියකි.
ඔවුන් දෙදෙනා වටා විශේෂ කාර්ය බලකායේ නිළධාරීන් පස් දෙනෙකු අවි අමෝරාගෙන සිටියේය.
” මුන් දෙන්නව වාහනෙට දාගන්න”
ප්‍රධාන නිළධාරීයාගේ අණ පරිදි අනෙක් නිළධාරීන් ප්‍රේම් සහ ශංකර් යන පුද්ගලයාව වෑන් රථයකට දමාගෙන එම ස්ථානයෙන් පිටත් විය.
………………………………………………

රාත්‍රී එකොළහේ කණිසම පසුවත්ම විලී මහතාගේ බංගලාවේ පිටුපස දොරින් ඇතුලු වූ සිව් දෙනෙකි ඔවුන් වටපිට සෝදිසි කරමින් පිටුපස දොර අසල දෙදෙනෙකු ආරක්ෂාවට තබා අනෙක් දෙදෙනා බංගලාව තුලට ගියේය.
දැඩි අන්ධකාරය නිසාම පරිසරයේ කිසිදු වෙනස්වීමක් දක්නට නොලැබුනි.
” අඩෝ රංජියා අර ගහ ළඟ කවුරු හරි ඉන්නවා වගේ මං දැක්කා බන්”
පිටුපස දොර අසල සිටි අජිත් සෙමෙන් රංජිට පැවසුවේය .
” උඹට පිස්සුද බං මට නම් එහෙම පේන්නෙ නෑ ”
” මගේ ඇස් දෙකටම දැක්ක එක බං”
” වරෙන් යන්න එනෙම් බලන්න”
දෙදෙනාම තරමක් ඈතින් වූ ගස ළඟට කිට්ටු කලේය අජිත් පිස්තෝලයද අතට ගත්තේය.
” කෝ බං මෙතන කවුරුත් නෑ ”
සැකය තහවුරු කර ගනිමින් දෙදෙනා ආපසු හැරුනි.
” ඔලු කට්ට කුඩු කරගන්නෙ නැතුව ඔය පිස්ටල් එක බිම දාපන්”
සිවිල් ඇඳුමෙන් සැරසී සිටි පොලිස් නිළධාරීන් තිදෙනෙක් ඔවුන් දෙසට ගිනි අවි එල්ල කරමින් සිටියේය.

මේ අතර බංගලාව තුල සිටි දෙදෙනා⁣ විලී මහතාගේ කාමරයට පහසුවෙන්ම ඇතුලු වී එහි කණ්නාඩි මේසය අසලට ගි⁣යා පමණි . එකවරම කාමරයේ විදුලි බුබුල දැල්වුණි. දෙදෙනාම තිගැස්සී පසුපස බැලුවේය සිනාමුසු මුහුණින් යුතුව සහකාර පොලිස් අධිකාරිවරයා තවත් නිළධාරීන් සිව් දෙනෙකු සමඟ කාමරය තුල සිටියේය.
” යන්න වෙලාව හරි සහෝදරයා”
සහකාර පොලිස් අධිකාරිවරයා ⁣රිවෝලරය අතට ගෙන ඔවුන් දෙදෙනා සමීපයට ගියේය.
ඒ මොහොතේම පැමිණි දෙදෙනාගෙන් එක් අයෙකුගේ දුරකථන නාද වන්නට විය. ඔහුගේ සාක්කුවේ තිබූ ජංගම දුරකථනය අතට ගත් සහකාර පොලිස් අධිකාරිවරයා දුටුවේ එහි තිරයේ සඳහන්ව තිබූ නමයි.
” කිසිම සැකයක් හිතෙන්නෙ නැති විදිහට උඹ කතා කරන්න ඕන.නැත්නම් උඹව මෙතනම ඉවරයක් කරනවා”
සහකාර පොලිස් අධිකාරිවරයා පැවසූ දෙයට බිය වී ඔහු ඇමතුම ලබාගත්තේ.
” හෙලෝ බොස් ”
” ලොක්කා, උඹලා වැඩේ කරා නේද?”
” හරි බොස් අපි තිතටම වැඩේ දුන්නා”
” ඕ.කේ එහෙනම් උඹලා වරෙන් ස්ටෝරුව ළඟට මම එතන ඉන්නවා”
……………………………………………………….
?️ නිම්නාද ලියනගේ නිර්මාණ වෑයමක් ?️ ???????????????

13 thoughts on “සූරියකන්දේ අභිරහස(අවසානයට පෙර)”

  1. Katawa nm patta aiye tamat hitha gnna ba mnwa wenvda kiyla iasarahata hetin iwarai neda anee katwa mmm katawa nm Maru anee ikmnta iwara krata Kamak na aiye oya aluth katawak Aran ikmnta Enna oytat oyge yaluwatat dennatama suba pathnva parissamata Inna budusaranai

    1. අනේ තව කතාවක් ලියමු.හරි ද.අපිත් ආදරෙයි ?????? මල්ලියොඉ.සතුටින් පරිස්සමෙන් ඉන්න …..

      1. හපොයි ඉ අකුරක් මැදින් පැනලා.මෙහෙම හරි චූටිත්තක් අපිව බලන්න ආව එකට තැන්ක්‍යු මල්ලියෝ…

  2. ඒ ටික නම් මැවිලා පෙනුණා.. හෙටින් කතාව ඉවරද… අනේ… එහෙම කරන්න එපා මල්ලිලා.. අපි පව් නැද්ද..? තව ටිකක් ද්ක් කරන්නකො අලේ කතාව.. හරිම ආසාවෙන් කියෙව්වෙ මේ කතාව.. සොක්කො ටික මාට්ටු උණා වගේ හෙට ලොක්කත් අහු වෙයි නේ.. එතකොට හැංගුණු කතාව හෙට දැනගන්න පුලුවන් වේවි නේ… කතාව හරිම ලස්සනයි මල්ලිලා.. සුභ පතනවා ඔයාලා දෙන්නටම.. සතුටින් හිනාවෙලා පරිස්සමින් ඉන්න.. දළදා සමිදු පිහිටයි.. බුදුසරණයි..!!

  3. Ammoo supiri… adisha maraine.. doctor paw kiylth hithenwa.. doctorth kamathi adishata… kathawanm maru aiye… thawath kathawak ikmntma oni aiye…
    ???

  4. ඩන්කන් නේද මේ බොස්…කතාව සුපිරි රශ්…කුතුහලය බය හැමදේම තියන ලස්සන කතාවක් ???????????????????????????????????????

  5. අනේ මල්ලි පැටියෝ දැන් තමයි කතාව කියෙව්වේ නියමයි කතාව ගානටම පත්තු උනා ද මන්ද් වැඩේ ඒකත් ඉවරයි වගේ.ඔයාලා දෙන්න නම් ශෝයී.අනේ .සුබ පතනවා දෙන්නටම හදවතින්ම .
    ජේසු පිහිටයි !!!!! මල්ලියෝ.ම්

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.