Katha Ahura

? සමනල පියාපත් ? 71 වෙනි පියාපත්

3/5 - (2 votes)

71 කොටස

” මුන් මැරෙන්න යන්න හදනවද මන්දා ”

මල්ලි කිව්වෙ කේන්තියෙන් . මටත් ඒකම හිතුනා.

ඊළග විනාඩි ගානෙ කේඩීඑච් එකේ දොරවල් ඇරුනෙ මිලිටරියෙන් පැනලා වගේ. කොල්ලො තුන් හතර දෙනෙක් වෑන් එකෙන් එළියට බැස්සා.

මාත් මල්ලිත් එක්ක කාර් එකෙන් එළියට බැස්සා. ගැහුවොත් ගහනවා කියලා තමයි මම හිතාගත්තේ.

” දෙන්නත් එක්ක මේ කොහෙද යන්නේ ”

එතන හිටිය ටිකක් උස මහත කොල්ලා ඇහුවෙ බෙල්ලත් පැත්තකට ඇල කරගෙන. මම නම් සත පහකට ගනන් ගත්තෙ නෑ උන්ව.

” අපි යනවා අපේ කිරි ආතව හම්බ වෙන්න ”

මල්ලි කිව්වෙ කින්ඩියට හිනාවෙලා.

” ඒයි ඒයි පොඩි එකා … හැමදේම විහිලුවට ගන්න ලෑස්ති වෙන්නෙපා හරිද ”

අර කොල්ලා කිව්වෙ සද්දෙ ටිකක් වැඩි කරලා.

” මල්ලි මල්ලි මේ …… කවුරුත් නැති පාලු මන්ඩි වල වාහන නවත්තලා පුස් පාට් දාන්න හදන්නෙපා බං ……. ”

මං කිව්වෙත් කට කොනකින් හිනාවෙලා.

” අපි ප්‍රශ්නයක් ඇහුවා .. උඹලා ඒකට උත්තර දීපල්ලා ”

දැන් නම් මූ දත් ටික හලාගන්න හදන්නෙ මට කියලා. මම තනියම එහෙම හිතුවා.

” මල්ලි මේ ….. උඹලා මේ ඉරෙන කොළ වලටනේ බං අනුන්ගෙ සීනි කිරන්න ගිහිල්ලා ගුටි කන්න හදන්නේ .. උඹලා අපේ කවුද අපි යන එන තැන් හොයන්න ”

මං කිව්වෙ අපේ කාර් එකට හේත්තු වෙලා.

” මිස්ටර් …. අපේ ජොබ් එක අපි මේ කරන්නෙ …ඒක නිසා අහපු දේට උත්තර දෙනවා … ”

” මල්ලි .. උඹලා හිතන් ඉන්නෙ අපි කොහේ යනවයි කියලද .. අපි එහේ තමයි යන්නේ … උඹලව එව්වෙ උඹලගෙ මහ ලොකු චතුර බොස්නම් ගිහින් ඌට කියපන් ඌට තවකල් නටන්න දෙන්නෙ නෑ කියලා ”

මං එහෙම කිව්වම අර කොල්ලා මගෙ ළගට ආවෙ අතකුත් මිට මොලවගෙන.

” උඹලට ඕනෙ අතින් පයින් නම් දෙන්නම් ”

මට කලින් මල්ලි තමයි ඉස්සර උනේ. මල්ලි උගේ ෂර්ට් එකෙන් ඇදලා අරගත්තා. මල්ලි ඌට දෙකක් තුනක් අනිද්දි අනිත් තුන් දෙනත් අපේ දිහාවට කිට්ටු උනා.

කාලෙකින් අතේ පයේ හිරි ඇරගන්න බැරි උනා මටත්. ඉස්කෝලෙ යනකාලෙ ඒලෙවල් ක්ලාස් එහෙම යන කාලෙ රවීන් කිව්වම ඉතිං පැත්තම හෙල්ලිලා යන චන්ඩියෙක් තමා.

කාලෙකින් වලියකට ගිහින් නැති උනත් අහු වෙච්ච අහුවෙච්ච විදිහට ඔක්කොටම මම ගැහුවා. මල්ලිත් මගෙන්ම පුරුදු වෙලාද මන්දා මදි නොකියන්න ගැහුවා.

එහෙන් මෙහෙන් අපිටත් පාරවල් දෙක තුනක් වැදුනා. හැබැයි අපිත් නිකන් හිටියෙ නෑ.හතරට දෙක අනුපාතෙට තමයි අපි ගහ ගත්තේ. ඉතිං මටයි මල්ලිටයි දෙන්නා දෙන්නා ගැන බලාගන්න උනා.හයේ හතරේ දාර ඇගවල් තිබ්බ උන් එක්ක පොර බදන එකත් ලේසි උනේ නෑ.
මමත් උසේ ගානට ඇග තිබ්බ නිසා උන්‍ එක්ක හැප්පුනා. මල්ලිගෙ නම් උස තිබ්බට ලොකුවට ඇග තිබ්බෙ නෑ. හැබැයි ඌත් නිකන් හිටියෙ නෑ. මදි නොකියන්න ගැහුවා .

හැබැයි උනුත් නිකන් කන්නම බලාගෙන ආවා වගේ අපි ගහන ගහන අතට එහෙට මෙහෙට වැටි වැටි ගුටි කෑවා.

මේ විදිහට විනාඩි විස්සක් විතර නන්ස්ටොප් වලිය ගියා . ඊට ටිකකට පස්සෙ කොහේදෝ ඉදන් එතනට කඩාගෙන බිදගෙන ආවේ චතුරගෙ කැබ් එක. ඒක නම් මට ඇස් දෙක පියාගෙන උනත් අදුරගන්න පුලුවන් .

ඒත් අද මං ශොක් උනේ ඒකෙ ඉස්සරහා වාඩිවෙලා හිටිය කෙනාව දැකලා. චතුරගෙ එහා පැත්තෙන්ම වාඩිවෙලා හිටියෙ වෙන කවුරුත් නෙවෙයි ෂානි .

” ඒයි ඒයි …………මොකද තමුසෙලා ගහගන්නෙ ”

කැබ් එකෙන් බැහැලා අපි දිහාවට ඇවිදගෙන එන ගමන් චතුර ඇහුවෙ අපි දෙන්නා දිහා බලලා කින්ඩියට වගේ හිනාවේගෙන.

” තමුසෙ මේ හෙන්චයියෝ අපේ පස්සෙන් එවලා දැන් මෙතන වීරයා වෙන්න හදන්නෙපා චතුර ”

මං කිව්වෙ ටිකක් සද්දෙට. තවත් ෂානිට ඇහෙන්නෙ නැති වෙන්න කතා කරලා වැඩක් නෑ කියලා මට හිතුනා.

” ඔච්චර සද්දෙට කෑගහන්න ඕනෙ නෑ රවීන් .. .කොහොමත් උඹ හිතන් ඉන්න දේවල් වෙන්නෙ නෑ ……. ෂානි මගේ … ළගදිම අපි මැරි කරනවා ”

චතුර කිව්වා. ඊට පස්සෙ ඌ ආයෙමත් හැරිලා ගිහින් කැබ් එක ළගට ගිහින් ෂානි හිටිය පැත්තෙ දොර ඇරියා .

” පේනවා නේද ෂානි මේ මිනිහගෙ තියෙන හැදියාව ……..තව පොඩ්ඩෙන් මේ මිනිහා නිසා ඔයාගෙ ජීවිතේටත් ලොකු කරදරයක් වෙනවා …….. ”

චතුර එහෙම කියද්දි වීදුරු වගේ තියුණු ෂානිගෙ ඇස් මගෙ දිහාම බලාගෙන හිටියා. මේ කෙල්ල කියලත් මොනවා කරන්නද … ඒ වෙලාවෙදිත් මට දැනුනෙ පුදුම අසරණකමක්.

” අයියේ …. මූට තිබිලා තියෙන්නෙ වෙනම ප්ලෑන් එකක්නේ බං ……. ”

” හ්ම්ම්ම් …….. ඒක තමයි බං .. කවුද හිතුවෙ මූ මෙහෙම දෙයක් කරයි කියලා ”

මටත් ඉබේටම කියවුනා.

චතුරට කරන්න ඕනි උන දේ ඌ හරි ලේසියෙන්ම කරලා පෙන්නුවා. තවත් වෙලා එතන ඉන්නෙ නැතුව ඌ කැබ් එකට නැගලා රිවස් කලේ ආයෙමත් ෂානිලගෙ ගෙදර දිහාවට යන්න.

විනාඩි දහයක් යද්දි ඔක්කොම සිද්දවෙලා ඉවර උනා. චතුරගෙ ගෝලයෝ ටිකත් කේඩීඑච් එකට නැගලා එතනින් ගියේ අපිටත් කින්ඩියට හිනාවෙලා.

මමයි මල්ලි ඔක්කොම බලාපොරොත්තු සුන් කරගෙන කාර් එකට හේත්තු උනේ ඊළගට ගහන තුරුම්පුව මොකද්ද කියලා කල්පනා කරන්න.

__________________________________

” මොකද කෙල්ල කියන්නෙ …. ”

මල්ලිගෙ කෝල් එක ඉවර උන ගමන් මං ඇහුවා.

” අපිට පාක් එකට යන්නලු .. එයාට ක්ලාස් එකක් තියෙනවලු .. ඊළග බස් එකේ ටවුන් එකට එන්නම් කිව්වා ”

මල්ලි කිව්වා.

ඊළගට අපිට උදව්වක් ගන්න හිටිය එකම එක්කෙනා ෂානිගෙ නංගි. මල්ලි එක විනාඩියක් පරක්කු නොකර චතුර කල කපටි වැඩේ ගැන ෂානිගෙ නංගිට කිව්වා. ඉතිං එයා අපිට පොරොන්දු උනා අපිව හම්බ වෙන්න කලුතරට එනවා කියලා.

අපි දෙන්නත් වාහනේ ආපහු හරවගෙන ගිහින් ටවුන් හෝල් එක කිට්ටුවෙන් කාර් එක නවත්තලා පාක් එකට ගියා.

අපරාදෙ කියන්න බෑ ඒ පාරෙ බස් වලට නම් මල් තියලා වදින්න වටිනවා. කොහොම හරි නංගි ආවෙ පැය එක හමාරකට විතර පස්සේ.

” මොකද මෙච්චර වේලාසනින් ආවෙ ”

කෙල්ලව දැක්ක ගමන් අපෙ මල්ලි ඇහුවෙ හරියට උගේ කෙල්ලගෙන් අහනවා වගේ .

” අපේ පාරෙ බස් වෙලාවට වැඩ කරන්නෙ නෑ අයියේ ”

කෙල්ලත් ඇඹරිලා උත්තර දුන්නේ. සිරාවට මුන් දෙන්නා නම් නියමට ගැලපෙන කපල් එක කියලා මට ඒ වෙලාවෙ හිතුනා.

” හරි ශෝක් …ඉන්න අය වගේම තමා බස් සර්විස් එකත් ”

මල්ලි ඒක නම් කිව්වෙ කෙල්ලව අවුස්සන්න.

” අහ් එහෙමද ”

නංගි ඒක ඇහුවෙ ගේමට වගේ.

” අහ් … ඇති ඇති …….. උඹලා දෙන්නා පස්සෙ රණ්ඩු වෙයල්ලා … මගේ ප්‍රශ්නෙ විසදුනාට පස්සෙ උඹලා දෙන්නා කසාද බැන්දත් මට කිසි ප්‍රශ්නයක් නෑ …”

මං එහෙම කිව්වම මල්ලියි නංගියි දෙන්නම බිම බලාගත්තේ ලැජ්ජාවෙන් වගේ. අනේ මුන්ගෙ බොරු ලැජ්ජාව.

” හ්ම්ම් …. චතුර අයියා පුදුම කපටියෙක්නේ …. මං නම් හිතුවෙ නෑ එයා එච්චර කපටියි කියලා ”

නංගි මුලින්ම මාතෘකාවට බැස්සා.

” ඒක තමයි නංගි …. ඔයා එයාට මොනවත් කියන්න ට්‍රයි කලේ නැද්ද ”

මං ඇහුවම කෙල්ලගෙ මූණ මලානික උනා.

” මං අද එයාගෙ මයින්ඩ් එක පොඩ්ඩක් රීසෙට් කරන්න තමයි හැදුවේ ….කොහෙද කුකුළත් අතේ අරන් චතුර අයියා උදේම එහේ ඇවිල්ලනේ ….”

නංගි කිව්වා.

” හ්ම්ම් … දැන් එතකොට චතුරගෙ ප්ලෑන් එක මොකද්ද කියලා නංගි දන්නවද ”

අපේ මල්ලි ඇහුවා.

” මං හිතන්නෙ එයා අක්කව එයාලගෙ ගෙදරට අරගෙන යන්න හදන්නේ .. එහේ කවුද වෙද මහත්තයෙක් ඉන්නවයි කියලා ”

” අම්මපා මුගේ හොම්බට එකක් ඇනලා කුදලලා අරන් අතක් පයක් කඩන්න හිතෙන්නෙ නෑනෙ අපෙ අයියට ”

මල්ලි කිව්වෙ අතත් මිට මොලවගෙන. ෂානිගෙ නංගි නම් ඒ වෙලාවෙ අපෙ මල්ලි දිහා බලාගෙන හිටියෙ බය වෙලා වගේ.

” කලබල වෙලා මොනවත් කරන්න බෑ මල්ලි ………”

මං කිව්වා.

” නංගි මොනවත් ප්ලෑන් එකක් නැද්ද ”

අපේ මල්ලි ඇහුවම නංගි කල්පනා කරන්න පටන් ගත්තා.

” ම්ම්ම් … එක ප්ලෑන් එකයි තියෙන්නේ … වැඩේ දරුණු අතට හැරුනොත් අපි අක්කව උස්සමූ …… ”

” මොකක් ”

අපේ මල්ලිට කෑගැස්සුනා. මටත් හිනා ගියා නංගි ඒ කිව්ව කතාවට …

” ඇයි ඉතිං … නැත්තන් කොහොමද අපි අක්කව චතුර අයියගෙන් බේරගන්නේ….අපි ඔහේ බලාගෙන හිටියොත් වෙන්නෙ ඔයාලා දෙන්නටත් ඇවිත් අක්කගෙ වෙඩින් එකෙන් හොදට කාලා යන්න ……. ”

” අහ්හ්.. එහෙම උනොත් චතුරයට දරාගන්න බැරි වෙන්න බිලක් එන්න කාලා යනවා …….. ”

මල්ලි කිව්වෙ හිනාවෙවී.

” ඒයි උඹට ආතල්ද .. මට එහෙම දෙයක් ගැන හිතන්නවත් බෑ .. පිස්සා ”

” සොරි සොරි අයියේ … මං ජෝක් එකක් කලේ …. ”

” හරි නංගි …. ඔයා පරිස්සමින් ක්ලාස් යන්න දැන් ….. පුලුවන් තරන් අක්කගෙ හිත හදන්න බලන්න ”

මං ෂානිගෙ නංගිට කිව්වම කෙල්ලත් ඔලුව වනලා හිනා උනා.

” එහෙනම් මං ගිහින් එන්නම් අයියේ ..ඔයාලා දෙන්නා පරිස්සමින් යන්න ”

එහෙම කියලා නංගි අපේ මල්ලි දිහා අමුතු බැල්මකුත් දාගෙන එතනින් ගියේ.

තවත් එතන ඉදලා වැඩක් නැති නිසා මම මල්ලිත් එක්ක කාර් එකට නගින්න ආවා.
ඇත්තටම දැන් නම් මොනවා කරන්නද කියලා හිතාගන්නත් බැරුව හිටියේ මම.

ට්ර්ර්ර්ර්ර්ර්ර්ර් ……. ට්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර් …..

කාර් එක ළගට එන අතරමග මට කෝල් එකක් ආවා.මං බැලුවෙ කෝල් එක ආවෙ කාගෙන්ද කියලා.

ඊළග කොටසින් හමුවෙමු
????????????????????
කවුරු වෙන්න පුලුවන් ද රවීන්ට ඒ කෝල් කලේ.. .ඇත්තටම මට හිතාගන්නත් බෑ දැන් කතාව කොයි අතකටද යන්නෙ කියලා … ෂානි රවීන් ආදර කතාවට ඉස්සරහට මොනවා වෙයිද .. චතුර දිනාවිද .. රවීන් පරදීවිද … එහෙම නැත්තන් කවුරුත්ම නොහිතන දෙයක් ඉස්සරහට සිද්ද වේවිද … ????? ඒක දැනගන්න ඊළග කොටසත් අනිවාර්යයෙන්ම කියවන්න ?❤

මහන්සි වෙලා ඔයාලා වෙනුවෙන් ලියන කතාවට කොමෙන්ට් එකක් නොදා නං ඉන්න එපා හොදේ…ආදරෙයි ඔයාලට පැලෙන්න. තෙරුවන් සරණයි ????❤️ click කරන්න

මම ඩී.සුමිත්

76 thoughts on “? සමනල පියාපත් ? 71 වෙනි පියාපත්”

    1. නිරෝෂා ලක්මාලි

      අම්මෝ ඒ නන්ස්ටොප් වලිය නම් පට්ට අයියා. මට නිකන් ඒ වලිය මැවිලා පේනවා වගේ. නියමයි හොදේ.. ?? ඒක නෙමෙයි අයියේ ඔය පැත්ත හෙල්ලිලා පොළව එහෙම ඉරිතලලාද දන්නේ නෑනේ.. ඒ තරම් චණ්ඩිද අප්පා..

      මාර මොළකාරයෙක්නේ මේ චතුර. මේ චතුර නම් හැමදේම ඒකාගේ වාසියට හරවන් අභීව වැරදිකාරයෙක්ම කරන එක තමයි ඉවසන්නම බැරි සෂානිට කැමතියි කියලා මේ වගේ කෙල්ලව කිඩ්නැප් කරලා මෙච්චර විකාරයක් නටන්න ඕනද මාර පිස්සෙක්නේ මේකා.

      නංගිත් මාරයිනේ යකෝ. අක්කාව උස්සන්න අයිඩියා දෙන්නේ. වෙලාවේ හැටියට ඒක තමයි කරන්න තියෙන්නේ. නැත්නම් අර චතුරයා කෙල්ලව බැඳගෙන යයි යන්න. සෂානිව බේරගන්න කලින් මේ ජෝඩුවව බන්ඳලා දෙන්න වෙයිද දන්නේ නෑ.

      මෙච්චර ප්‍රශ්න තියෙද්දි මුන් දෙන්නා ඇඹරි ඇඹරි පැණි හල හල ඉන්නවනේ. කමක් නෑනේ ඉතින් ඒ ඩබලත් කල වයසට එකක් සෙට් කරගන්න එපැයි නේද. ඒ මඟුලත් හරි වගේ.

      මොනවා වුණත් දැන්නම් කිසිම නිගමනයකට එන්න බෑ වගේ. සෂානි ගැන මොනවත් හිතාගන්න බෑ. එයාට හැමදේම අමතකද නැද්ද කියලා දන්නේ එයාම තමයි. වෙන දෙයක් වෙන්න ඇරලා බලන් ඉන්න තමයි තියෙන්නේ.

      ඔය කතා කරන්නේ චතුර වෙන්න ඇති කියලත් හිතෙනවා. අභි කොල්ලව අවුස්සන කතා කරනවා ඇති. කෝ අයියේ මේ සෂානිගේ මලයා. එයාවත් අභිගේ සපෝට් එකට නංගි එක්ක එවන්නකෝ.

      සිතු දේ නොම වෙයි..
      නොසිතු දේම වෙයි..
      ???????

      කරන කියන හිතන පතන සියළුම වැඩ කටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක කරගන්න ශක්තිය ධෛර්යය වාසනාව ලැබේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා..

      හැමදාමත් හිනාවෙලා සතුටින් පරිස්සමින් ඉන්න..
      ආදරෙයි පැලෙන්න..

      ? Wish your all the best ?

      තෙරුවන් සරණයි !

      1. ? මහිංසා ?

        සුභ පැතුම් මගෙ මැණික ??????????????????????????????????????????????????කොහොමද චූටි නංගි??????

          1. නිෂා සශී ?

            නිරෝ අක්කී මගෙන් උණුම උණු සුබ පැතුම් ????????????????

          2. සෙසඳි

            සුභ පැතුම් මගේ නිරෝශා අක්කි ?????????????

          3. නිරෝෂා ලක්මාලි

            ?DULA? නංගි
            ? මහිංසා ? අක්කි
            හිතෙෂි මෙත්දරා නංගි
            DILLL නංගි
            නිෂා සශී ? නංගි
            සෙසඳි නංගි
            උක්කූං පුතා(SUMI ) අයියා
            හැමෝටම ගොඩක් ස්තූතියි…
            ?????????

    1. ෆයිට් එකක් බලාපොරොත්තුවෙන් හිටියනම් තමා ඒත් මෙහෙම දෙයක්…?? අනේ අම්මපා මට එන තරහක්… අර තලගොයා අදත් දිනුවනේ… මේක හරි යන්නැ එක්කෝ චතුරයාට රවීන් අයියා ගේමක් දෙන්න ඕන.. නැත්නම් අපි ගේමක් ⁣දෙන්න ඕන..??

      චතුරයා කිසිම අවස්ථාවක් දෙන් නැනේ රවීන් අයියාට… හැමදේම ඉස්සර වෙලා කරනවා…ෂානිත් ගොන් එළදෙන වගේ ඌ කියන කියන දේ අහගෙන ඉන්නවා… ෂානිගේ මොලේ තියෙන්නේ මැටි ද දන්නැ..?? ඇයි වදේ… ෂානිගේ ඔළුවට පොල්ලකින් ගහලා චතුරයාගේ ඇඟට දිමි ගෝටයක් දාලා එන්න හිතෙනවා මට…??

      ෂානිගේ නංගිත් මරු… කෙල්ල කියනවා වගේ අක්කව කිඩ්නැප් කරා නම් හරි.. ?? මල්ලි කොල්ලගේ ලව් එකත් ඉක්මනටම පටන් ගනි වගේ… ඒකත් ජය සිරි මංගලම්.. ??

      කෝල් කරේ කවුද දන්නැ… චතුරයා ද දන්නැ කින්ඩි හිනාවක් දාලා කරපු හපන් කම් කියවලා රවීන් අයියව වට්ටන්න හිතාගෙන කතා කරනවාද දන්නැ…ඒවනම් දැන් හදේ පුතෝ… ?? දැන් ඉන්නේ රට ඉදන් ඇවිත් පිස්සුවෙන් වගේ ෂානිව හොයපු රවීන් නෙවේ… දැන් ඉන්නේ හිතලා බලලා කලබල නොවි වැඩ කරන රවීන් කෙනෙක්…??

      ???????????

      ඔහු කියනා දේ අසලා ඔබ මා සැක කෙරුවා…
      ඔහු පෙන්වන දේ දැකලා ඔබ තරහින් බැලුවා…
      ඔහුත් සමඟ ඔබ යන විට උපරිම දුක හිතුනා…
      කෙදිනක හෝ ඔබ එතැයි කියා මා සිත ඉකිබිදුවා…

      අමතක වු අතීතයක ඔබ සතුටින් සිටියා…
      කෙලිලොල් බස් දොඩව දොඩව මා සතුටින් තැබුවා…
      එවන් සොඳුරු අතීතයක මා තනිවී සිටියා…
      ⁣කවදා ඔබට මතකේ එයිද මා තනිවම සිතුවා…

      ආදර බර වදන් ඔබෙන් මම නිබදව පැතුවා…
      හඩා වැටෙන සිත සනසා සේයාරූ බැලුවා…
      හදේ නැගෙන දුක් දොම්නස් දෙනෙතින් පිට වූවා…
      පිසදමන්න එනවද ඔබ මගේ කදුලැල් අතගා…

      – රවීන් අභිමාන් –
      ???????????

      දැන් කොහොමද අයියේ… සනීපෙන් ඉන්නවා ද … කරදරයක් නැනේද… කොහොමද ඔයාගේ වගාව.. කෘමීන්ගෙන් කරදරනම් කියන්න… සමහර විට විසදුමක් දෙන්න පුළුවන් වෙයි…
      කතාව නම් සුපිරි අයියේ… පට්ට පට පට… අයියට බාල්දි නම් වැඩි වගේ… කැමතිනම් දෙන්න අයියේ පරෙස්සම් කරලා තියා ගන්නම්… ??
      ⁣සුභ පැතුම් අයියේ…
      තෙරුවන් සරණයි !…
      ????

        1. මහී අක්කි , හිතෙෂි අක්කි ,දේවාෂි මචී ,නිෂා අක්කි , සදී අක්කි ගොඩාාාරියක් තැන්ක්ස් හැමෝටම..
          ?????

  1. ..Sandashen..

    අප්පෙ මේ රවීන්ට පොඩ්ඩක් ඉන්න බැරි උනානේ මාත් එනකන් ….මටත් ඇගේ පතේ හිරි ඇරගන්න තිබුනා …..☺️☺️☺️☺️☺️☺️
    ලොකු පොඩී ප්‍රශ්නයක් තියෙනවා .????? මේ අර ශානී කෙල්ලගේ නංගා ගැන ….ඇයි අප්ප මේකී අර වගේ අයිඩියා එකක් දුන්නේ හරියට නිකන් මීට කලින් එහෙම දේවල් කරලා තියෙනවා වගේනේ….

    කතව ගොඩක් ලස්සනයි .ලොකු ඔයාට තවම අසනීපයිද .ඊයේ ඔයා comment වලට රිප්පලයි දාලත් නැහැ .ඉක්මනට සනීප වෙලා එන්න ලොකු .බුදු සරනයි .

    1. සනීප වුනා විතරයි… අක්කි චණ්ඩිකම් දාන්න ගිහින්… වෙද ගෙදරක නවතින්න වෙයි හොදේ… ???

  2. හිතෙෂි මෙත්දරා

    Adanm kathawa shoi aiye .Thaniyama hina yanawa eka balanakota. Ravin shani wedding eka kesewethath malli nanginam lagadima magulak kai wage. Ph Ravin kiyanne chandiyekne yako baluwama. Hodai hodai. Ravin Gaha ganna igena gatte malligenda dan na nedaaaa. Lajjawa waha ganna oni kamata malli Ravingen igena gaththa kiuwada dan naneeeee

    Nangi kiyana widihata wada karanna giyoth thawath maralayak kada path wei. Mokakdda appaaa hamadama chathuraya issara wenawane.Ravinge thikshana buddiya yodwannako danwath. Wali patan gattu dawase idanma chathuraya first wenawane. Danwath Ravinwa gemata dannako aiye. Habai mona unath chathura kabaraya hoda mola karaya.

    Loku aiye meka iwara una gaman thawa kathwak genawa nedaa apita.Aththatama oya godak dakshai aiye. Oya parissamin innawa neda lokuuuu. Budu saranai

    1. නිෂා සශී ?

      හිතෙෂිගෙ නම කියවද්දි මට දැනෙන්නෙම චීනෙ බබෙක් කීලමයි ????????

  3. දේවාෂි

    අවුස් අප්පා…. යකූ මගෙත් අතේ පයේ හිරි ඇර ගත්තා…???
    රවින් කොල්ලත් නිකන් වදුරු මොටා වගේ හිටියට වැඩ කාරයා නේ…. එල වලිය…. ගහන්න තිබ්බේ තව ටිකක්….??????

    ඒ උනාට අයිය ආයේ ඔප්පු කොරල පෙන්නුවා සංසාරේ දුකක් කියලා අප්ප….????? අපරාදේ නිකන් අර චතුර කියන ඔලමොට්ටලයට යන්න දුන්නේ….? ශානි නෙවෙයි ඔතන දීපිකා පදුකෝන්නුයි එලිසබත් රැජින හිටයත් ගහන්න තිබ්බේ අර පළා පොලගගේ හතර හන්දි ගැලවෙන්න…. හ්හ්හ්හ්හ්…. ඌ නම් අපිවම කන්න බලන් ආව එකෙක්…. ගොන් නාම්බා…??
    මම වගේ හිටිය නම් ඕකගේ කකුල් අත පය ගලවල එල්ලනවා උගේ බෙල්ලේ… ඊට පස්සෙ ශානිට දෙනවා පොලු පාරක් ඔක්කොම් ශේප් නේ….??? එතකොට ශානි කෙල්ලගේ සිහියත් එනෝ… චතුරවත් චකබ්ලාස්ට් කරලා ඉවරයි….??

    අම්මෝ ඉතින් නගත් අක්කා වගේමයි නේ. බලන්න දැන් නම් ඉතින් අර පොඩි එකා වගේ හිටිය මල්ලිත් ඉවරයි… ඌත් පැනි හැලියට වැටුන මොකාද එකා වගේ…??
    නංගි උදව් කරන එක නම් ලොකු දෙයක් අප්පා…. නැත්නම් පව් අපේ කොල්ලා…. එක්කෝ අර කිව්වත් වගේ ඔන්න ඔහේ චතුර කාරයට ශානිව බදින්න දීලා… අපි කවුරුත් ගිහින් හොඳට කාලා එමූ…?? අනික ? ඇති නේ….? මටම පුලුවන් ලීටර 10ක් 15ක් ඉවර කරන්න…?

    කතාව එල මචන් අයියේ ?❤ පරිස්සමින් සතුටින් ඉන්න අයියේ ❤?

    1. නිෂා සශී ?

      අම්මෝ දේවාෂි තනි ඇහැට ඇඬුන අප්පා….. ???මරු මරු කමෙන්ට් එක ????

    2. දේවාෂි

      චූටි අක්කියෝ කෝ ඔයා…. එතකොට දිල් අක්කි ත නැහැ නේ… සද අක්කිත් නැහැ තව ගොඩක් අය නැහැ ?❤❤??

      1. මගෙ නංගි මං ආවා. මේ ට්කේ මං වැඩ වලට හිරවෙලා අනේ. තරහා වෙන්න එපා ඔයාලා අමතක වෙලා නෑ

          1. අපොයි එහෙම කියන්න එපා බං අක්කී. ගෙදර වැඩ මේ ටිකේ. කුඹුරු වැඩයි ඔෆිස් එකේ වැඩයි එක එක ඒවා

          2. දේවාෂි

            හිකිස් අපොයි දිල් අක්කියෝ… කෝ බලන්න මූන….??

  4. නිෂා සශී ?

    අනේ ඒ කාද කතා කලේ අයියා….ඔයා හලි නලකයි අප්පා… රවීන්ට මුකුත් කරන්නෙ ඒම නෑ හලිය. අයියෙ මල්ලිටත් ජයසිරි මංගලම්නේද? මේව දකිද්දි පපුව හෝස් ගාල යනව ලොකු අයියේ…?? කමක් නෑ ඉතින් මගෙ හිත මං හදාගන නංගිට මල්ලිව දෙමු නේද අයියේ පොඩි කෙල්ලගෙ ආසාවනෙ. දෙන්නගෙ කොමලෙනන් මට එච්චර ඇල්ලුවේ නෑ ලොකු අයියේ…. ?? අක්කට කලින් මල්ලි නංගිව උස්සයිද මන්ද? ලොකු අයියේ රවීන් අයියත් බලන්නෙම මල්ලිට නංගිව බන්දන්නනේ…ඇයි දෙයියනේ මං වගේ කෙල්ලෙක් රවීන් අයියගෙ නංගි වුනාම මක් වෙනවද . ඕවටත් ඉතින් පින තියෙන්න ඕනි නේද අයියා…… මේ ලොකු අයියේ ෂානිට ඉක්මනට මතකය එන්න මොකක්හරි ගැජමැටික් එකක් කරන්න අනේ…… ලොකු අයියේ ඒක නංගිට බැරි වෙන එකක් නෑ මාත් එනවා ඕන උදව්වකට ආය එකෙම්ම ???? අම්මෝ අදත් නිසදැස් ලියන්න බෑ ලොකු අයියේ ලොකු වැඩක් අස්සෙ ආවෙ මං යනවා හෙටත් එන්න බුදු සරණයි දළදා සමිදු පිහිටයි පරිස්සමින් සතුටින් ඉන්න ????????????

  5. ? මහිංසා ?

    අම්මෝ අද නම් නියමයි????????? චතුරයටත් දෙකක් ඇන ගන්න බැරිවුනා නේ.අපි සෙට් එක ම එන්නම් ලොකු වෙලාවක දෙමු
    චතුරයට මදි නොකියන්න.ඔය චතුර දන්නෑනෙ අපේ හැටි????????ශානි නම් මහ ගොන් බදින කරත්තේ වගේ….චතුර ගෝනාගේ පදේට නටනවා හිතක් පපුවක් නැති ගානට ඇත්තටම ඔය මොලේ මැටි නේද????? ඇත්තටම ඔය රවීන්ට හම්බුනොත් හම්බෙන්නෙ ඔය වගේ ගොන් ගහක් නේ….
    කෝල් එක කාගෙන්ද කියලනම් හිතන්න බෑ මේ දවස්වල හිත පැටලිලා ….ගත වෙහෙසිලා.., කතාව නම් හිතාගන්න බෑ ඉතින්… ඔයා හිතෙන විදිහට හිතන්න බෑ නේ ?????

    මෙ ලොකු අර වගාව පාළු කරපු අය හම්බ වුණා ද…..සාම ගිවිසුමක් ගහන්න එයාලා එක්ක.. මුල් වල ආදායම දෙන්නම් කියලා….ගහෙ ආදායම් ඔයාට නෙ…. එතකොට….. ඒකත් හරි….?????????

    මල්ලි ශානිගේ නංගී සෙට් කරනවද පව් ඒ දෙන්නත්….. ලොකු ඔය චතුර ටත් රාහුට කියලා අපල කරන්න බැරිද….මට නම් චතුර ට පාඩමක් උගන්වනකම් නිවනක් නෑ….

    පරිස්සමින් සතුටින් සනීපෙන් ඉන්න… බෙහෙත් බීලා සනීප වෙන්න… ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ පිහිටෙන් ලොකු ඔයාට නිදුක් නීරෝගී සුවය ලැබෙන්න කියලා හදවතින්ම පතනවා… තෙරුවන් සරණයි… හැමෝටම…. අසනීප වෙලා ඉන්න හැමෝම ඉක්මනින් සනීප වෙන්න කියලා හදවතින්ම පතනවා…????????

      1. සෙසඳි

        මගෙ මහිංසා අක්කි … අනේ පරිස්සමෙන් ඉන්න බුදුසරණයි ????????????

    1. අයියේ කොහොමද ඉතින්.
      හොදින් සතුටින් පරිස්සමින් ඉන්නවා නේද. පේන්න නෑනේ මොකෝ ඒ

      මට හිතුනා අර කොට්ටෝරුවා වෙන්න ඇති චන්ඩි වගේ ඉන්න පගර නැට්ටෝ ටිකක් එව්වේ කියලා.
      කොහොම නමුත් හොදට නෙලපු එක නම් පට්ට.මට හරිම සතුටුයි.
      අනේ ඒත් රවීන් කොල්ලටයි මල්ලි කොල්ලටයි ගුටි දෙක තුනක් වැදුනනේ ඒකට නම් දුකයි. හොද උනා විතරයි කරලියට බැස්සානේ පන්ඩිතයා වගේ.

      ශානී ගැන නම් දැන් තරහකුත් මෝදු වෙනවා. එයා ගැන සැකේකුත් තියනවා. එක්කෝ එයා ඇත්ත නොදැන බොරු අහලා චතුර එක්ක ඉන්නවා. නැත්තන් රවීන් බේරගන්න චතුර එක්ක ඉන්නවා. මේ දෙකෙන් එකක් තමයි නේද ඉතින්. හරියටම කියන්න දන් නෑනේ ඒකයි දෙකම කිවේ. සමහරවිට මේවත් නෙවේ. ඔයා අපිව කරකවලා අතාරිනවානේ අවුරුදු උත්සවේදි හරියට අලියගේ ඇහැ තෝරන්න කියනවා වගේ. ?
      ඒත් චතුරයි ශානීගෙයි වෙඩිම නම් බෑ ඔන්න. රවීන් මැරෙනවා නම් මං ඇවිත් හරි ශානිවත් මරනවා. ?

      නංගි කෙල්ල නම් මල්ලිටම හරියනවා. රවීන්ගෙයි ශානිගෙයි නෙමේ මේ කපල් එක සෙට් වෙයි වගේ. ? ඒ දෙන්නා වගේම මේ ප්‍රධාන නලුවයි නිලියයි එකතු කරන්න හොදද. හොද ලොකුනේ අපේ.???

      ඉතින් කතාවේ නම් වරදක් දකින් නෑ මං. ලස්සනයි , සුපිරි , සාර්ථකයි මොකද ඔයා කතා ලියන්න දක්ෂයි කියල අපි දන්නේ අද ඊයේ නෙමේනේ.
      ඉතින් අයියේ මේ එන්නේ කතාවේ අවසාන කොටස් ටික නම් දුකයි සමනල පියාපත් වලින් සමුගන්න වෙනවට. ඒත් මතකයේ නම් තියේවී. ඒ උනත් තවත් ලස්සන කතාවක් බලාපොරොත්තු වෙනවා අපි. දෙනවා නේද ලොකු…

      සතුටින් පරිස්සමින් ඉන්න ලොකු
      බුදු සරණයි.
      ගුඩ් නයිට්.

      1. දේවාෂි

        අන්න අන්න අක්කියෝ… සතියේ කතාව…. අනිවා මාත් එනෝ ශානිව මරන්න රවීන් කොල්ලා මැරුනොත්…..??

  6. Parissamin innwa neda loku mn katwa gan. Mukutma kiynne na kiiwata wadak nane itin oytoya peralannema baldine

    Loku parissamin Inna budusaranai ikmnta sanipa wela ennm oylva blnna gdak adarei ikmnta ennm

    1. කවී නංගා අසනීපෙන්ද පැටියෝ ඉක්මනින් සනීප වෙලා එන්න මැණික..
      ???

  7. සෙසඳි

    ලොකු අයියේ…. අම්බෝ මෙයා… මං හිතන් හිටියෙ රවීන් කියන්නෙ හරි සාන්ත දාන්ත අහිංසක කොලු පැටියෙක් කියලනේ… ??? යකූ බලන් යද්දි මූ පාතාලේ පොරක් වෙන්න ළඟින් ගිහින් ඔන්න මෙන්න තියෙද්දිද කොහෙද හැරිලා ඇවිත් තියෙන්නෙ…??????????????? හැබැයි මරු වලිය හොඳේ… ????? මට මැවිලා පෙනුනා අනේ… දෙකේ හතරේ සයිස් උන් ටිකක් එක්ක කොල්ලො දෙන්නෙක් ගහගන්නවා… හරියට ටැමිල් මූවී එකක් වගේ… මල්ලි කොල්ලත් ඇටකිච්චා වගේ හිටියට සුපිරි වැඩ්ඩෙක් වගේ නේද? ???????? ඔහොම තමයි ඉන්න ඕනේ පැටියෝ … ගේම නම් ගේම ඉල්ලන්න ඕනේ ඔය එක එකා වගේ කාමර කෑලි දුන්නට ගන්නෙ නැතුව…. මේ දෙයක් අහන්නද අපිට කිව්වෙ බොරු නේද… ? අරුන් ටිකගෙන් ඔයාලා දෙන්නා ගුටි කෑවා නේද ????? ?????

    ඒත් ඉතිං අර චතුර කොල්ලා තමයි තාමත් පලවෙනියා නේද? කමක් නෑ කමක් නෑ.. ඔහොම යන්න දෙමුකො ලොකූ… ඉක්මන් කොටයිලුනේ… අනිත් 1 හැමදාම නත්තල් නෑලූනේ… ??????????? මේවට රිටන් 1 හම්බෙද්දි පොලිස් පට්ටම් ගැලවිලා යන්න හම්බෙයි.. අනිත් 1 අර කියන්නෙ දෙයියො දෙනකොට දෙන්නෙ ටොකු ඇන ඇන කියලා… අනේ ඒ විදිහටම කරපු පව් ඔක්කෝටම දඬුවම් හම්බෙයි… ඇයි ඇයි යකූ… චතුර නිකන් දේවදත්තයා වගේනේ… ?????? පස්සෙන් ඇවිත්ම පලි ගන්නවනේ… මේක නම් මේ ආත්මේ වලියක් වෙන්න බෑ…. පතාගෙන ඔතාගෙන එන වලියක් ද කොහෙද… ??????? මට නම් අම්මපා මූට කරන්නෙ මොනාද කියලා හිතා ගන්න බෑ.. මං මේ කල්පනා කරේ… මූව මරලා හංගනවද.. හංගලා මරනවද කියලා…??????????

    හැබැයි ඉතිං කොහොම හරි චතුරට ඕනේ විදිහටම වැඩේ උනා.. අපේ රවීන් කොල්ලා ඉල්ලන් කෑවා… ඒත් ඉතිං ආඩම්බරයි ලොකූ රවීන් ගැන නම්… වෙන උන් ඔහොම උනාම ආදරේ එපා කියලා ගිහිල්ලා අර පවනි වගෙ උරචක්කර මාලයක් හරි බෙල්ලෙ බැඳගන්නවා.. මෙහෙම දුක් විඳින් කොට…. ඒකට අපේ රවීන් නේදා…. අන්න ලව්…??????????????????

    අම්බෝ මේ ඔයා මේ කතාව ඉවර වෙද්දි හොඳ ගානක් හම්බකරගනී නේද උක්කුං කපුවෝ… ??????? කීයක් කියලා මඟුල්ද මේක ඇතුලේ….??? ?????? මොකද දැන් නංගි මල්ලි කතාව???? ඒකත් ජය සිරි මංගලම් ද ආ…?? ආව්ස් අප්පා.. දැන් නම් ශානි චතුරව බැන්දත් කමක් නෑ.. මල්ලි කොල්ලගෙන් හරි අපිට වෙඩින්ග් කේක් කෑල්ලක් කන්න පුලුවන්නෙ… ??????

    ශානි කෙල්ල ගැන කවුරු කේන්ති ගත්තත් මට නම් කේන්ති එන්නෙ නෑ අනේ… මොකද මං දන්නවනේ එයා මුල් කාලේ සුදු මහත්තයට ආදරේ කරපු තරම… අනිත් 1 ඔය මතකෙ නැති වෙලා නිසානෙ චතුර කියන දේවල් විශ්වාස කරන්නෙ … චතුරයා මොන දේවල් කියලා තියෙනවද කියලා කවුද දන්නෙ ? ශානිට බනිනවා නම් රවීනුත් වැරදී .. මොකද එයත් මතක නැති කාලේ පවනි පවන්සලාට ලං වෙලා හිටියේ… ??බලමුකො බලමුකො දිනන්නෙ රවීන්ද චතුරද කියලා… කවුද දන්නෙ ලොකූට හිතුනොත් මුං දෙන්නම හරි යන්නෙ නෑ කියලා අලුත් සුපිරි කොල්ලෙක්ව කතාවට එන්ටර් කරොත් කොහොමද .. හරියට මගේ හාල් ගැරඬි පැටියා වගේ…???????????

    ලොකූ ඔයා ගැන නම් ඇත්තටම මට කේන්ති …තරහත් හිතෙනවා අප්පා අන්තිමට කියලා තියෙන්නෙ කතාව යන්නෙ මොන පැත්තට ද කියලා හිතාගන්න බෑ කියලා… ඇයි බොල නරියො ඔයා නැත්තං අපිද ඒක දන්නෙ..? මෙයා මේ බේරෙන්න එහෙම කියනවා… දෙන්නම් ඔලුව පැලෙන්න එකක්… ????????

    මේ අයියේ…. හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න ඕනේ හොඳඳ..??? ඔයාගේ අත් 2 ගොඩක් වටිනවා… ඒ අත් සුට්ටක් වත් සිදෙනවට මං කැමති නෑ … ඔයා අත් 2 රිදෙනවා කියද්දි ඇත්තමයි අපේ පපුව හිරවෙනවා වගේ පොඩී… ඒ නිසා අපි වෙනුවෙන් වත් පරිස්සම් වෙන්න කමෙන්ට් 1 නෑ කියලා අපි කවුරුවත් තරහා වෙන්නෙ නෑ …. ආදරෙයි ගොඩාක් ????????

    අර ඔයාගෙ වගාව පාලු කරන සෙට් 1ට සත 50 නඩුවක් දාන්න ලොකූ… ??? කොහොඹ කොල කොටලා ඒ ඉස්ම ස්ප්‍රේ කරන්න ලොකූ… හරියටම ඉතිං වගා වැඩ නම් දන්නෙ නෑ…. ඒත් ඉතිං මං අහලා තියෙනවා කෘමිනාශකයක් විදිහට කොහොඹ කොල ඉස්ම ගන්නවා කියලා…

    හැමෝම පරිස්සමෙන් ඉන්න බුදුසරණයි ???????????? ආදරෙයි ????????????

    රුවින් නොදුටුව නමුත් මා නුඹ
    සිතේ ඇත රන් රුවක් විලසට
    නමක් නොමැතියි මේ බැඳීමට
    නමුත් සතුටකි හද පුරාවට

    සිතම නුඹගේ කලාවක් වැනි
    දෑතේ සැමටම ඉනාවක් ඇති
    වදන් ගලපන තාලෙ දන්නැති
    ලොකූ නුඹ අප සැමට සොයුරෙකි….
    ????????

    මම සඳ…

  8. Chamodya Madusanki

    සෝ සොලි අයියා කමෙන්ට් දාන්න පරක්කු උනාට, දැන් තමා මං ගෙදර ආවේ

    අනේ අම්මපා මේ අර චතුර කියන මොඩයට දෙකක් ඇනගන්න බැරි වෙච්ච එකටනම් දුකයි දුකයි දුකායි. රවීන් අයියත් බලන් ගියාම චන්ඩියෙක්නේ ශික් චතුරට හොම්බට දෙකක් ගහගන්න බැරි උනානේ.අනේ ශානි අයිති රවීන් අයියටනේ එයා කොහොමද චතුරව මැරි කරන්නේ,
    රවීන් අයියා එයාව ඉස්සුවේ නැති උනොතින් අපි ගිහිල්ලා උස්සමු ශානිව,එහෙම හොදයිනේ???

    අම්මෝ රවීන් අයියගේ මල්ලිත් මාර පැනි මල්ලක්නේ අප්පා???

    කතාවනම් මල් හතයි ගොඩක් ලස්සනයි අයියා??
    ??????????
    තනියම කාමරේ යහනක නිදාගෙන
    සිතුවිලි මවනවා කොට්ටය බදාගෙන
    වගුරමි කදුලු අද නෙත් දෙක තෙමාගෙන
    ඔයා නොදැක මගෙ හදවත රිදුම් දෙන
    ??????????
    හැමදාම ආදරයෙන් රැදෙන්න ඔබ ගාව
    සිහින මං දුටුවාම ඒ සිහින බොදවුණාට
    ආදරේ හින්දා මං ඔයාවම පැතුවාට
    අපි අපිට හිමිවෙයිද කියන්නට බෑනේද
    ??????????

    බුදුසරණයි
    පරිස්සමින් සතුටින් ඉන්න හැමෝම
    ආදරෙයි ???

  9. නයෝ මධූ

    අයියා පන……………………. ඒ වලිය මරු අප්පා…….. රවීන් හොඳ චන්ඩියෙක් වෙලානේ නේද? මල්ලිත් එයාටම හරියන එකක් තමා. චතුරනම් අම්මපා රවීන්ව පිස්සු වට්ටන වැඩමනේ කරන්නේ. එයා කොහොමද එහෙම නටන්නේ? ෂානිට මතකය ආවානම් මේ ඔක්කොම හරියයි අනේ. අයියේ ඔයාට බැරිද ෂානිට වැරදිලා වගේ හරි පොලු පාරක් දීලා මතකය ගෙන්න ගන්න? නැත්නම් රවීන් කොල්ලා පව්.

    මල්ලියි නංගියි සෙට් වෙයි වගේ නේද? ෂානිටත් මතකය ආවාම අපි දෙන්නවම එකට බන්දලා දෙමු. එතකොට හරිනේ…

    අයියේ පරිස්සමෙන් ඉන්න හොඳේ බුදු සරණයි.

  10. උක්කූං පුතා(SuMi )

    සුභ උදෑසනක් මගේ දඟ සෙට් එක.. කොහොමද ඉතින් ඔයාල ඔක්කොටම ඊයේ මට එන්න බැරි වුණා…මම හිතුවේ නෑ අදත් එන්න පුළුවන් වේවි කියලා… ඒත් වාසනාවක් තිබිච්ච නිසා ඔන්න ආයෙත් ආවා…

    ඔන්න ඉතිං අයියට දුකයි.. අයියා කොමෙන්ට් වලට රිප්ලයි කරද්දි කොමෙන්ට් 300 සිය පනිනවා.. අද අයියා wetharai කොමෙන්ට් 60 හතරයි ඉතින් දුක නැද්ද කියන්නකො අයියට…දුකට කිව්වේ ඉතිං මම දන්නවා මම වගේම ඔයාලත් ගොඩක් වැඩ කරන කට්ටිය ගෙදර බිසී වෙන අය කියලා… මෙම හරි කොමෙන්ට් දකින එක මට ලොකු සතුටක්..

    ඇත්තටම හරි සතුටුයි දිග කොමෙන්ට් දාලා ලස්සන නිසදැස් කවි දාලා…. ඇත්තටම හරිම ලස්සන ඔයාලා දාපු ඔක්කොම…මේ හැම දේකටම බොහෝමත්ම ස්තූතියි හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න ඕනේ ඔයාලා ඔක්කොම…ගොඩක් අය ඇවිල්ල නෑ නේද අද කතාව දාලා නෑ කියලා දන්නැතුව වෙන්න ඇති.

    හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න මගේ රත්තරන් ලා.. තෙරුවන් සරණයි ඔයාලා ඔක්කොටම සුබ දවසක්

    1. Chamodya Madusanki

      සුබ උදෑසනක් වේවා අයියේ ඔයාත්
      ඔයාත්
      පරිස්සමින් සතුටින් ඉන්න නිරෝගිමත් දවසක් වේවා..

      1. ♥️පුංචි සුරංගනාවි♥️

        කතාව ලස්සනම ලස්සනයි අයියේ.. පස්සෙ කමෙන්ට් එකක් දාන්නම්.වෙලාවට කලා පරිස්සමින් ඉන්න…
        දෙවි පිහිටයි

    2. සුභ උදෑසනක් අයියේ… දුක් වෙන්න එපා අයියේ… අපි දන්නවා අයියගේ සතුට අපේ කමෙන්ට් දකින එක කියලා… මේ දවස් වල දඟ පවුලේ ගොඩක් අයට වැඩ වැඩි.. අදනම් හැමෝම වගේ ගෙදර ඇති curfew හින්දා… ඒ හින්දා අද කට්ටිය කමෙන්ට් කරයි… හැමදාම දිග කමෙන්ට් එකක් මං නම් දෙනවා.. අසනීපයක් නොවුනොත්… අයියාත් බෙහෙත් බිලා පරෙස්සමින් ඉන්න… දඟ පවුලේ අසනීපෙන් ඉන්න හැමෝටමත් ඉක්මනට සනීප වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා… හැමෝම සතුටින් ඉන්න… හැමෝටම දළදා සමිදු පිහිටයි !… ආදරෙයි හැමෝටම.. ???

  11. ♥️පුංචි සුරංගනාවි♥️

    කතාව ලස්සනම ලස්සනයි අයියේ..එන්න බැරි වුණාට සමාවෙන්න අයියෙ…මේ ෆෝන් එක අවුල්…
    මං පුළුවන් වෙලාවට කමෙන්ට් එකක් දාන්නම්… වෙලාවට කාලා බෙහෙත් බොන්න.. පරිස්සමින් ඉන්න…
    දෙවි පිහිටයි..
    ආදරෙයි පැලෙන්න හැමෝටම

  12. කතාව ගොඩක් ලස්සනයි අයියෙ …ඊයෙ කොමෙන්ට් දාන්න එන්න බැරි උනා…අද තමයි කතාව කියෙව්වෙ ….ෂානිගෙ නංගියි රවීන්ගෙ මල්ලි සෙට් වෙයි වගේ ඔක්කොටම කලින් ???…රවීන්ගෙ වලිය නම් මරැ අප්පා ඒ වුනාට අපරාදෙ මහන්සිය…උන් ගුටි කන්නමනෙ ඇවිල්ලා තියෙන්නෙ ????…අපරාදෙ චතුරගෙ හොම්බටත් දෙකක් අනින්න තිබ්බෙ ඒ වෙලාවෙම ……

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.